*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

ඔක්කොම ෆේල්

ලංකාවේ මාධ්‍ය ක්‍රීඩාවෙ ප්‍රශ්න හැටියට බොහෝ වෙලාවට ගන්නෙ ඒ ක්‍රීඩාවෙ ඉන්න මිනිස්සුන්ගෙ පෞද්ගලික රුචි අරුචිකම්.ක්‍රීඩාවට හානියක් නොවන විදිහට තමන්ට පහසුවෙන් ජිවිතය ගෙවන්න ක්‍රීඩා කරන කෙනෙක්ට තියෙන අයිතිය අහෝසි කරලා ක්‍රීඩාවෙන් අපට ලබා දෙන තෘප්තිය සඳහා උම ජිවත්වෙන්න ඕනි මේ විදිහට කියලා කියන එක මාර වැඩක් වෙලා තියෙන්නෙ.
මෙතනදි හොඳම වැඩේ තියෙන්නෙ කන බොන එක මාර අවුලක් විදිහට ගන්න එක.හොඳට කන බොන මිනිස්සු තව කෙනෙක්ට කන්න බොන්න එපා කියන එක ටිකක් හරි නැහැ.බීම කියන දේ ශරීරයට කොහොමත් හොඳ නැහැ.නමුත් ඒක තමන්ගේ කාර්යයට අවුලක් නොවෙන්න කරනවනම් අපිට ඇති රුදාව මොකද?සිගරට් බීම ගැන වුණත් ඉතිං ඇත්ත ඕකම තමයි.


දැන් ලංකාවේ නෙට්බෝල් ටීම් එකේ කට්ටිය බිව්වා,සිගරට් බිවිවා කියලා ආසියානු පරාජයම ඒකට බැර කරන්න දඟලනවා.මේක වෙලා තියෙන්න තරගයකට ඉස්සෙල්ලා දවසෙ.එතකොට සරලවම පරාජයට හේතුව වෙන්න පුළුවන් බීම අදාළ ඒ තරගයට විතරයි.නමුත් දැන් කතා කරන්නෙ තරගාවලියම ඒ බීපු එකෙන් පැරදුණ ගාණට.


ඇත්තටම පැරදුණේ කණ්ඩායමක් විදිහට අප හොඳින් තරගාවලියට මුහුණ නොදුන් නිසා.ඒ ගැන කතා කිරීමට වඩා අපේ අවධානය අරගෙන යන්නෙ තරගයකට බලපාපු බීමක් ගැන.මොකද බොන එකට බොන් මිනිස්සුත් විරුද්ධයි.ගැහැණු බිව්වා කිව්වම තවත් විරුද්ධයි.මේක තමයි අපේ සිතුවිලිවල තියෙන පහළම කොටස ස්පර්ශ කරලා අවධානය ගන්න පුළුවන් එක.


මේ විදිහටම දැන් හිරු උපන් දින සාදයකට ගිය ක්‍රීඩකයාව එල්ලා මැරීම සඳහා සූදානම් කරනවා.ඔහුට එහෙම එළියට යනවනම් යන්න ක්‍රමයක් කණ්ඩායම ඇතුළෙ තියෙනවද?තියෙනවනම් ඒකට අනුවද ගියේ අනුව නොවේද ගියේ?ප්‍රශ්නය එන්නෙ එතැනින් මිස ගිය හෝ නොගිය එකෙන් නෙමෙයි.නමුත් අපිට ඕනි පාටියකට ගියහම එතැන කන බොන පරිසරය එක්ක මිනිස්සුන්ට හැදෙන විරෝධයට බඩු සපයන්න.
ඒ වගෙම තමයි මේ දවස්වල හිට් වෙලා යන වීඩියෝ එකක් පොඩි දරුවො ටික බාර් එකක් එපා කියන එක.හොඳට බොන තාත්තලගෙ දරුවොත් එතැන ඇති.නමුත් ඉතිං ආගමික සමාජය කිව්වම ඒකට දරුවො ඉදිරිපත් කරනවා.ඊට පස්සෙ අහල පහළ ෂොට් එකක් ගහන්න නැති වුණාම හොර පොට් එකකින් එකක් ගහනවා.කසිප්පු චුට්ටත් බොනවා.ලොකු වියදමක් දරාගෙන දුර ගිහිං ගේනවා.දැන් ආගමික ස්ථානය කරන්න ඕනි පන්සලේ අකැපනම් නොබී ඉදලා පිට බොන තමන්ගෙ දායකයාට බොන එකට බාධක දාන එකද?මිල අඩු කරන්න කියලා පුළුවන්නම් එයාල තමයි තමන්ට දායකයගෙ මඩිස්සලේ රකින්න ඉදිරිපත් වෙන්න ඕනි.


මේ වැඩේ අනිත් පැත්ත හරවන මතයක් හදන්න පුළුවන් මාධ්‍යයම ඒ තියෙන බොරුවම විකුණගෙන ජීවත්වෙන්න හදනවා.පාටියකට ගියා කිව්වම මිනිස්සුන්ට ඔළුවෙ කාපු හැටි බීපු හැටි පිංතූර මැවෙන්න දෙනවා.එහෙම ක්‍රිඩකයන්ට පෞද්ගලික ජීවිතේ විනෝද වෙන්න බැරිද?ක්‍රිකට් ගහන්න ඕනි.නැත්නම් ක්‍රිඩා කරන්න ඕනි.අපිට ආතල් දෙන එක උඹලගේ රස්සාව.ඒකම කරපං උඹලට ආකල් බැහැ කියලද මේක කතා කරන්නෙ.
සමහර වෙලාවට බොන ගමන් කෙල්ලො බං බීලා තියෙන්නෙ කියලා හොඳ බයිට් කෑල්ලක් හොයන යාළුවො අපිට හම්බ වෙනවා.ඇයි කෙල්ලන්ගෙ කටේ මොකක් හරි නෛතික මුද්‍රාවක් තිබිලා ඒක කඩල බීල ද?මේක අමුතු රටක්.මාධ්‍ය මේක නවීකරණය කරන තැනට යන්නෙ නැතුව ඒ කුණු මතම ලැග ගෙන එකට කන රටක්.මීඩියා කියලා බෝඩ් තියෙන මිනිස්සුන්ගෙ රහ දියුණු කරනවා වෙනුවට පල් රහේම රදව ගෙන ඒවා හවුලෙ බුදින පාඨකයො,ප්‍රේක්ෂකයො සහ මාධ්‍ය සාදයක් මැද්දෙ ක්‍රීඩා කරන අයගෙ නෙමෙයි හැම මනුස්සෙක්ගෙම ගෙයි දොරට ඇහැ තියාගෙන උන්ට ඕනි විදිහට සතුටු වෙන එකට සීමා දාන්න හදන මාධ්‍ය සංස්කෘතියක් අස්සෙ අපි ඉන්නෙ.

ක්‍රිඩාව ගැන කතාව මීට වඩා වෙනස් තැනකින් පටන් ගන්න හිතන්න පුළුවන්නම් මරු.කන බොන එක ගැන සොට් එකක් දාගෙන පට්ට විදිහට විවේචනය කරන මිතුරො ඒ ෂොට් එකේ ආතල් එක ක්‍රීඩා කරන කෙනාට ගන්න එපා කියන්නෙ ඇයි.ඒකත් අපිට තියෙන දැනෙන විදිහෙම ශරීරයක්.හැබැයි නෛතික නොවන කණ්ඩායම් සිමාවන් අතික්‍රමණය කරලා පවරලා තියෙන වැඩේ නොකරනවනම් අපි ඒක ප්‍රශ්න කරන්න ඕනි.මොකද්ද එතනදි තමන්ගේ වෘත්තීයට ආතල් එක බාධාවක් වෙන්න දෙන්න ක්‍රීඩකයාට අයිතියක් නැහැ.ඒක මාධ්‍යවේදියාටත් අදාළයි.

ඒ වගෙම තමයි රටේ ජනතාවගෙ තමයි ක්‍රීඩාව.ඒ මිනිස්සු හරි තීරණ ගත්තෙ නැති නිසා තමයි අවුරුදු 75 ක් ගැන 225 ක් ගැන සටන් පාඨ ආවෙ.ඒ නිසා අපේ රස්සාව වෙන්න ඕනි එ 75 ම ගත්තු තීරණවලින් වෙනස් කරන්න පුළුවන් මිනිහෙක් හැදිය හැකි තීරණවලට මිනිස්සු පොළඹවන්න.එහෙම නැතුව කිසිම රහක් අදහසක් දේශපාලනයක් නැති පස්පව් දැක්කම අනේ අපොයි කියන ඒත් තමන් ඒවම කරන මිනිස්සුන්ට ඒ ජාතියෙම කතා කියන එක නෙමෙයි මාධ්‍ය වෙන්න ඕනි.

ඒ නිසා ක්‍රීඩාව නියෝජනය කරන මිනිස්සු කෝට් දෙකක ජනතාවගෙ නියෝජිතයෙක්.ඒ අයට ඒ ගෞරවය තියාගෙන ජීවත්වෙන්න දෙන එක ඒ අයගෙ හරි සීමාවන් අවබෝධ කරගෙන ජීවත්වෙන එක මාධ්‍යකරුවාටත් අදාළයි.ඒක මාධයකරුවගෙන් වෙන්නෙ නැහැ කියලා හැබැයි මාධ්‍යකරුවාගේ වාර්තා කිරීමේ අයිතිය හකුලන්නත් බැහැ.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් මීට වඩා නෛතික විචිහට මේ ප්‍රශ්නය දිහා බලන්න ඕනි.ක්නඩායමේ ක්‍රීඩකයෙක්ට අපහාසයක් කරලා තියෙනවනම් ඒ ක්‍රීඩකයාට වෙච්චි හානිය සහ ක්‍රීඩාවට වෙච්චි හානිය ගැන නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න ඕනි.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කරන්නෙත් හිරු කරා වාගෙම වැරද්දක්.අපි ඒකටත් විරුද්ධයි.ඒ විරුද්ධ කියන එකේ අදහස මාධ්‍ය කරපු වැඩේ හරියි කියන එක නොවේ.
මිනිස්සු ඉන්න තැනට කන්න කැමති ජරාව ගෙනත් දෙන වැඩේ නවත්තලා මිනිස්සුන්ට හොඳ රහ කෑම හොයාගෙන කන්න පුරුදු කරන තැනක් බවට මාධ්‍ය පත්වෙන්න ඕනි.ආගම්,ජාති,කුල වගෙම අනෙකාගේ නිදිහස අයිතිය මාධ්‍යයට පොඩි කර දැමිය හැකියි කියන චණ්ඩි අදහසෙන් වැළකිලා වැඩ කරන මාධ්‍ය සංස්කෘතියක් පොළවෙ හැදෙනකම් අනික් හැම දේම වගේ මාධ්‍ය ගැනත් කියන්න තියෙන්නෙ එක දෙයයි.
ඒ “ෆේල්”
හැබැයි ෆෙල් කෙනෙක් කියලා එළියට දාන වැඩෙත් ෆේල්ම තමයි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan