ඉස්පිරිතාලෙට යන හැමෝම යහතින් එන්නෙ නෑ. ඒක තමයි එතනම මල් ශාලාවක් දාලා තියෙන්නෙ – සෞඛ්‍ය ඇමති

රෝහල්වලට ඇතුළත් කරන රෝගීන් විවිධ හේතූන් මත මියයාම අරුම පුදුම දෙයක් නොවන බවත් එවන් සමහර සිදුවීම් වලදී රෝගියාගේ පවුලේ අය විවිධ චෝදනා එල්ල කිරීම ද සාමාන්‍ය තත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

“මේක මේ අද ඊයෙ දෙයක් නෙවෙයිනෙ. මම ජනමාධ්‍ය ඇමති ඉන්න කාලෙත් හත් අට සැරයක් මිනිස්සු ඉස්පිරිතාලවලට ගිහිල්ලා දොස්තරලාට ගැහුවා. ඇයි, දොස්තර හරියට වැඩේ කළේ නෑ කියලා. නර්ස්ලාට ගැහුවා, ඒ කරලා ඒ අය ස්ට්‍රයික් කරපු අවස්ථාවල් මේ රටේ තිබිලා නැද්ද ? ලබන සැරේ මම සංඛ්‍යා දත්ත දෙන්නම් විපක්ෂ නායකතුමනි, පහුගිය කාල පරිච්ඡේදයේ මැරිච්ච ප්‍රමාණයන් මේ ඉස්පිරිතාලවල. ඒ නිසා මේ ඉස්පිරිතාලෙකට ගියාම එවැනි සිදුවීමක් සිදුවීම, එවැනි තත්වයකට පත්වීම අරුමයක් පුදුමයක් නෙවෙයි. ඒක තමයි ඉස්පිරිතාල තියෙනෙන්නෙ. ඉස්පිරිතාලෙකට යනවා නම් ලක්ෂයක්, ඒ ලක්ෂයම ආපහු යහතින් එන්නෙ නෑ. ඒ නිසාම තමයි මල් ශාලාවක් දාලා තියෙන්නෙ ඉස්පිරිතාලෙ ඉස්සරහා ( සිනාසෙයි ). මේක තමයි යතාර්ථය. මේ යතාර්ථයට බැහැරව ගිහිල්ලායි මේ කතා කරන්නෙ”

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...