අපිටත් ගෙදරක් තිබුණා ….

Date:

තක්කඩි හිරු කැරැල්ලක්
ජනේලෙන් ගෙට ඇවිත්
ඇස් දෙක හංකිති කවනකොට
තේ ලෑස්තියි කියන
අම්මගේ මෘදු හඬ.

එක පිට එක වැටුණු
තේක්ක කොළ අතරින්
කටුස්සෙක් දනි පනි ගගා දුවනකොට
අක්කෙ මෙහෙ එන්නකෝ කියන
නංගිගේ බය හඬ.

කට්ට කළු අහසක
අම්මගේ සාරියේ ඇල්ලූ
බොරු මැණික් වගේ තරු පිපෙනකොට
හදිසි අවතාර සේ මතුවෙන
වවුලන්ගේ ක්‍රී…ස් හඬ.

පැට්‍රෝමැක්ස් එළියෙන්
පොත් බලා අහවරව
ස්වදේශීය සේවේ අහනකොට
ලොක්කියේ බත් බෙදුවාදැයි අහන
අප්පච්චිගේ බර හඬ.

~ වර්ණ රසිකා ගුණවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...