*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ඉන්දියානු සමුද්‍ර ක්‍රීඩා උළෙලට පෙර සීෂෙල්ස් වොලිබෝල් ක්‍රීඩිකාවන්ගෙන් හොඳ සූදානමක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින සිෂෙල්ස් කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් අතරින් කාන්තා කණ්ඩායම ඉන්දියානු සමුද්‍ර ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙනම කණ්ඩායමක් වන අතර ඔවුන් අප්‍රිකානු මහද්වීපය තුළ ද යම් හැකියාවක් සහිතව වොලිබෝල්වල තත්ත්වය කළමණාකරණය කරමින් සිටින කණ්ඩායමකි.ඉතිහාසය ගත් විට ඔවුන් අප්‍රිකානු ක්‍රීඩා උළෙලේ දී ද කාන්තා වොලිබෝල් රන් පදක්කමට හිමිකම් කියූ කණ්ඩායමකි.මේ තත්තවය ප්‍රදර්ශනය කරමින් දැනට පැවති තරග දෙකේදී කැගල්ල ඒකාබද්ධ කාන්තා කණ්ඩායම සහ නාවික හමුදා කාන්තා කණ්ඩායම අභිබවා ජයග්‍රහණය කර පිවිසෙන්නට සීෂෙල්ස් කාන්තා වොලිබෝල් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කෑගල්ල කණ්ඩායම සමඟ රුවන්වැල්ල රාජසිංහ විදයාලීය ක්‍රීඩාපිටියේ පැවති තරගය සිෂෙල්ස් ක්‍රීඩිකාවෝ පහසුවෙන් ජයගත්හ.එහිදී සීීෂෙල්ස් ක්‍රිඩිකාවන් වට 3-0 ක ජයග්‍රහණයකට යාම වැළක්වීමට කැගල්ල ක්‍රීඩිකාවෝ අසමත් වූහ.ඒ ආකාරයටම කෑගල්ල පිරිමි කණ්ඩායම සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව තරගයද පහසුවෙන් ජයගත්තේ වට 3- 0 ක් ලෙසය.

සීෂෙල්ස් කණ්ඩායම් සුගතදාස ක්‍රීඩාංගණයේ තරග අරඹමින් පැවත් වූ තරගවලදී ද ප්‍රතිපලය එයම විය.කාන්තා අංශයේදී සිෂෙල්ස් කාන්තා කණ්ඩායමට හමි වූයේ නාවික හමුදා ක්‍රිඩිකාවෝය.එම තරගය අත්දැකීම් සහිත නාවික හමුදා කණ්ඩායම සියතට ගැනීමට විශාල උක්සාහයක් ගත්තද එය ව්‍යර්ථ කරමින් සීෂෙල්ස් ක්‍රීඩිකාවෝ වට පහක් පුරා සිය දරා ගැනීමේ ශක්තිය තුළ රැඳෙමින් තරගය වට 3-2 ක් ලෙස තියුණු තරගයකට පසුව ජයග්‍රහණය කළහ.

ලකුණු 25- 18,31- 29,17- 25,22- 25,07-15 වූ තරග වට පහේ දී සීෂෙල්ස් කණ්ඩායම ජයගෙන ඇත්තේ අවසාන වට තුනය.එය ද ඔවුන්ගේ ශක්තිමත්භාවය සහ දරා ගැනීම සම්බන්ධයෙන් වන නිහඬ ප්‍රකාශයක් බඳුය.ඉතිහාසයම සාක්කි හැටියට ගෙන බලන විට සීෂෙල්ස් කාන්තා කන්ඩායම තරම් ඉදිරිගාමී ක්‍රීඩා රටාවක් නැති පිරිමි කණ්ඩායම විදුලිබල කණ්ඩායම ඉදිරියේ පසුබැස්ස ද,කෑගල්ලට වඩා එක් ඉදිරි පියවරක් තබමින් වට 3- 1 ලෙස පරාජය භාර ගත්තේ එක් වටයත් තියුණු තරගයකින් පසුව ලකුණු 26 – 28 ක් ලෙස ජය ගනිමින්ය.ඒ තරගයේ තෙවන වටයේ ඉරණමය.පළමු,දෙවන සහ තෙවන වට පිළිවෙලින් 25- 15/ 25- 17/ 25- 19 ලෙස ජය ගැනීමට විදුලි බල මණ්ඩල කණ්ඩායමට හැකි විය.


අගොස්තු මාසයේ 23 වන දා මැඩගස්කරයේ ඇරඹෙන ඉන්දියන් සමුද්‍ර තරගාවලියේදී සිෂෙල්ස් වොලිබෝල් කණ්ඩායමට අවශ්‍යය තරග අත්දැකීම සහ හැකියාවන් විමසා බැලීම මෙම තරග සංචාරයේ වැදගත්ම අපේක්ෂාව බව එරට වොලිබෝල් සංගමයේ සාමාජිකාවක මෙන්ම වෙරළ වොලිබෝල් අංශයේ සභාපතිණියද වන එලීසා විඩොට් LNW සමඟ වූ සංවාදයකදී ප්‍රතාශ කළාය.එම තත්ත්වය මේ වන විට එරට කාන්තා වොලිබෝල් කණ්ඩායම බොහෝ දුරට සාක්ෂාත් කරගෙන ඇති අතර ඔවුන් මේ දක්වා පැවති තරග දෙකම ජය ගත්තේ ජයත්‍රහණයට සීමා නොවුණු විශාල අත්දැකීමක් පරාසයක්ද එකතු කර ගනිමින්ය.

සීෂෙල්ස් කණ්ඩායම බොහෝ සතුටින් මෙම තරගාවලිය ඇතුළේ ශ්‍රී ලංකාවේ පිළිගැනීම සමබන්ධයෙන් සිටින බව පැහැදිළි වන අතර ඔවුන් පිළිගැනීමට ඉදිරිපත් කරන සංස්කෘතිකාංග ඇසුරෙන් ඉහළ ආස්වාදයක් ලබන බව පැහැදිළිය.ඒ නිසාම මෙය වොලිබෝල් ඉක්මවා ගිය සංචාරක ආකර්ශණය ඇති කරන සුළු තත්ත්වයක් වන අතර සීෂෙල්ස් ද සංචාරක කර්මාන්තාය ප්‍රධාන ලෙස සිය ආර්ථික ප්‍රබෝධයට දායක කරගන්නා රටක් බැවින් ඒ සබඳතාවයන් සහ අත්දැකීම් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රිකවද වටිනාකමක් එක් කරනු ඇත.
මෙවැනි තරගවලදී දේශපාලන නායකත්වයන් ක්‍රිඩාවේ ස්වාධීන නායකයන් ලෙස කටයුතු කිරීම වැදගත් වන අතර ඒ තත්ත්වය යම් ආකාරයකට කැගල්ලේ තරගයේදී මැකී ගියේ රටේ අවාසනාවන්තම දේශපාලන අර්බූදය ඇති කිරිම වෙනුවෙන් දායක වූ රටේ බහුතරය ඒ සඳහා පොළඹවන ලද ප්‍රධාන මිත්‍යාවක් සිහිගන්වමින් පිළිගැනීම සඳහා නෙළුම් මල් ලබා දීමය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan