‘ විකුණුවේ මොනවාද කියා දැන ගන්න වෙන්නේ ගිහින් ආවට පස්සේ ’ – මරික්කාර්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාවට විකුණුවේ මොනවාද කියා දැන ගත හැක්කේ ඒ සියල්ල සිදුකර අවසන් වූ පසු බව , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සමගි ජනබල වේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ය.

මන්ත්‍රීවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් පැවසූවේ ,

” ජනාධිපතිතුමා ඉන්දියාවේ සංචාරයක නිරත වනවා. මේ ළඟට ගිහිල්ලා විකුනන්නේ. ඉස්සරනම් මෙහෙට ඇවිල්ලා තමයි ගන්නේ.

දැන් අදානි හම්බ වෙන්න ගිහිල්ලා තියෙනවා. අදානිට මොනවාද වික්කේ කියලා අපි දන්නේ නැහැ. IMF ගිහිල්ලා ඇග්‍රීමන්ට් ගැහුවට පස්සේ තමයි අපි දන්නේ. අපි අඩන්න ඕන මේ පාර්ලිමේන්තුවේ ඒවා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.

කෙදිරි ගාලා, කෙදිරි ගාලා තමයි මේ පාර්ලිමේන්තුවට මුල්‍ය බලය තිබුණා කියලා කිව්වට දැන ගන්න වෙන්නේ.

ඉන්දියාවට වික්කේ මොනවාද කියලා දැන ගන්නේ වෙන්නේ ගිහිල්ලා ආවට පස්සේ.” මන්ත්‍රීවරයා පැවසුවේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...