වැටුප් වැඩි වුණේ නෑ විෂමතා ඉවත් කළා විතරයි – ජෝසප් ස්ටාලින්

Date:

සෞඛ්‍ය වර්ජනයට හේතුව ගුරු-විදුහල්පති වැටුප් ගැටලු විසඳා ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීම බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සිදුකර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ ගුරු-විදුහල්පති ශ්‍රේණි සඳහා කිසිදු වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බවයි. සිදුවූයේ වසර ගණනාවක් පැවති වැටුප් විෂමතා ඉවත් කිරීම පමණක් බවත් එය ඇතැම් පිරිස් වැරදි ලෙස අර්ථකථනය කරන බවත් ඔහු සඳහන් කරනවා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මුල සිටම ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කළ බව පෙන්වා දෙන ස්ටාලින් මහතා පවසන්නේ ඔවුන්ගේ වැටුප් ගැටලු විසඳා ගැනීම ඔවුන් සතු වගකීමක් බවයි. ගුරුවරුන්ට චෝදනා කිරීමෙන් ඔවුන්ට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවන බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...