එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය පුත්තලමටත් ගොඩගහලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පාරිසරික හානිය තවමත් නතර වී නොමැති බවත් පසුගිය දිනක පුත්තලම වෙරළ තීරයට ග්‍රීස් සහ තවත් ද්‍රව්‍ය රාශියක් ගොඩ ගසා ඇති බවත් බොහෝ දෙනකු එය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුදුරට එක් වූ ද්‍රව්‍ය දැයි සැක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.

මේ ව්‍යසනය සම්බන්ධ සියලු හානි ගණනය කර ඇත්තේ මීගමුවේ සිට පානදුර දක්වා වූ වෙරළ තීරයට වුවත් ඊට වඩා හානි සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇති ආයතන ඇත්තේ විවිධ විවිධ අමාත්‍යාංශ යටතේ බවත් පරිසර ඇමතිවරයා මේ කිසිවක් නොදන්නා බවත් අධිකරණ අමාත්‍යාංශය නීතිමය කටයුතු පමණක් සිදු කරන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සියලු ආයතන එකට එකතු කර මෙම ව්‍යවසනයෙන් සිදු වූ සමස්ත හානිය ගණනය කරන ලෙස යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...