තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවට

Date:

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති R. Demet Sekercioglu මහත්මිය වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (ජුලි 21) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමු විය.

තානාපතිවරියව ‍උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මහතා ඇය සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

අමාත්‍ය තෙන්නකෝන් සහ Sekercioglu මහත්මිය අතර පැවති මෙම හමුවේදී ද්විපාර්ශ්විකව වැදගත්කම, අන්‍යෝන්‍ය සහයෝගිතාවය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් තුර්කි තානාපතිනිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජනරාල් – මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ද සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...