දේශගුණික වාර්තා බිඳ දමමින් පෘථිවිය අධික ලෙස උණුසුම් වේ – UN

තෙල්, ගල් අඟුරු සහ ගෑස් වැනි ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් වන විමෝචනය ග්‍රහලෝකයේ උණුසුම් වීමට ප්‍රධානතම හේතු සාධක සපයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුරෝපය පුරා පැතිර යන භයානක තාප තරංගයන් දේශගුණික වාර්තාවන් බිඳ දමමින් ඇති බව වාර්තා වේ.

2016 වසරේදී පිහිටුවන ලද ගෝලීය සාමාන්‍ය උෂ්ණත්ව වාර්තාව බිඳ දමමින් ලොව මෙතෙක් වාර්තා වූ උණුසුම්ම දිනය පසුගිය ජූලි මාසයේදී වාර්තා විය.

යුරෝපා සංගමයේ දේශගුණ නිරීක්ෂණ සේවාවක් වන කොපර්නිකස් සේවාවට අනුව සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් අංශක 17ක් ලෙස 2016යේදී වාර්තාව තිබු අතර පසුගිය ජූලි 6වන දින එය සෙල්සියස් අංශක 17.08 දක්වා ඉහළ යන ලදි.


තෙල්, ගල් අඟුරු සහ ගෑස් වැනි ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් වන විමෝචනය ග්‍රහලෝකයේ උණුසුම් වීමට ප්‍රධානතම හේතු සාධක සපයයි.

මෙතෙක් පැවැති මුහුද මතුපිට උෂ්ණත්ව වාර්තාවන් බිඳ දමමින් උතුරු අත්ලාන්තික් සාගරයේ පවතින අධික තාප තරංගයන් මේ වන විට විද්‍යාඥයින් තැතිගැන්වීමට සමත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පෘථිවි විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩැනියෙලා ෂ්මිඩ් ප්‍රකාශ කර තිබුණේ, ලෝකයේ ඔක්සිජන්වලින් 50%ක් නිපදවන සමුද්‍ර පරිසර පද්ධති කෙරෙහි තාප තරංගයන්ගේ බලපෑම සිදුව ඇති බවත්, මේවන විටත් එක්සත් රාජධානියේ ප්‍රමාණය මෙන් 10 ගුණයක් පමණ විශාල ප්‍රදේශයක් අතුරුදහන් ව ඇති බවත්, මෙලෙස වෙනස් වීමේ වේගය හඳුනාගත නොහැකි බවත්ය.

කාලගුණ විද්‍යාඥයන් වැඩිදුරටත් පවතින තත්වයන් පිළිබඳව සඳහන්කර තිබුණේ, 2024ට පිවිසෙන විට මෙම වාර්තාවලින් වැඩි වැඩියෙන් බිඳී යනු ඇති බව නිසැකවම අපේක්ෂා කළ හැකි බවයි.

සශිකලා මධුෂාණී_ ( outbound today )

ඡායාරූප : BBC

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...