ප්‍රමිතියකින් තොර ඖෂධ පිළිබඳ විගණනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී  ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බැවින් , ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ජාවට ලක් වූ බවත්,  ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වන බවත්  විගණකාධිපතිවරයා පැවසීය .

ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ, අදාළ තොරතුරු පදනම් කරගනිමින් බවත් , ඖෂධ මිලදී ගැනීම් සහ ඒවා බෙදාහැරීම සම්බන්ධ පරිගණක පද්ධතිය පිළිබඳව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද, එය මේ වන විට අවසන් අදියරේ පවතින බවත්  ඔහු පැවසීය .

එම වාර්තාව  ඉතා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු පැවසූවේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...