ග්‍රීසියේ ලැව්ගිනි තත්වය තවදුරටත්; 3500ක් පමණ වැසියන් ආරක්ෂිත ස්ථානකරා යොමු කෙරේ

Date:

මේ වන විට ඇතන්ස්හි පුරාණ ඇක්‍රොපොලිස් ඇතුළු සංචාරක ස්ථාන වසා දමා ඇති අතර මිනිසුන්ට නිවසේ රැඳී සිටින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත.

ග්‍රීසියේ සංචාරක ආකර්ෂණය වැඩිදුරම දිනා ගනු ලබන රෝඩ්ස් දූපතේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර යන ලැව්ගිනි තත්වය හේතුවෙන් 3500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානකරා යොමුකර ඇති බව ග්‍රීසියේ දේශගුණික අර්බුද සහ සිවිල් ආරක්ෂණ අමාත්‍යාංශය වාර්තා කර තිබේ.

රටේ ගිනි නිවන සේවය දැනට මුහුණ දෙන දුෂ්කරම ගින්න ලෙස මෙම ලැව් ගින්න හඳුන්වා ඇති අතර ස්ලෝවැකියාවේ ගිනි නිවන භටයින් ද මේ සඳහා සහය දක්වනු පිණිස සමබන්ධව ඇත. මේ වන විට හෙලිකොප්ටර් පහක් සහ ගිනි නිවන භටයින් 173ක් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතියි.

ග්‍රීසියට බලපාන ලද උණුසුම් තාප තරංග තවදුරටත් ක්‍රියාත්මක වන බව විද්‍යඥයන් පුරෝකතනය කර ඇති අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එළැඹෙන සතිය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 (113F) දක්වා ඉහළ යා හැකි බවටයි. එය වසර 50කට පසු ග්‍රීසියේ උණුසුම්ම සතිය වනු ඇත.

මේ වන විට ඇතන්ස්හි පුරාණ ඇක්‍රොපොලිස් ඇතුළු සංචාරක ස්ථාන වසා දමා ඇති අතර මිනිසුන්ට නිවසේ රැඳී සිටින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...