සමහරු බලා ඉන්නේ රට බංකොලොත් වෙනකල් – සාගල

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් රට බංකොලොත් වන තුරු බලා සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි.

නමුත් ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ දේශපාලනයට නොව රට නිවැරදි මාවතට මෙහෙයවීමට බව ඔහු පවසයි.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් කොළඹ දී සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වෙතින් මෙරට ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාගත හැකි නමුත් එය රජයේ ප්‍රතිපත්තියක් කරගත නොහැකි බව ද ඔහු පෙන්වා දුන් අතර , මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ශක්තිමත් නිෂ්පාදන කර්මාන්තයක් මෙන්ම දියුණු සංචාරක ක්ෂේත්‍රයක් ඇති කිරීමේ අවශ්‍යතාව පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...