පිලිපීනය, තායිවානය, හොංකොං සහ චීනයට සුළි කුණාටු තත්වයක් පිළිබඳ අනතුරු ඇඟවේ

Date:

එය 5වන මට්ටමේ විනාශකාරී සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින අතර මෙහි ගමන්මඟ අවිනිශ්චිත වන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

පැසිෆික් සාගරය හරහා පිලිපීනය දෙසට හමා යමින් පවතින නිවර්තන සුළි කුණාටුවක් වන ඩොරික් සුළි කුණාටුව තායිවානය, හොංකොං හෝ චීනය දෙසට ගමන් කරනු ඇති බව එක්සත් ජනපදයේ ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය හා පිලිපීනයේ කාලගුණ ඒජන්සිය විසින් නිවේදනය කර තිබේ.

මෙම සුලි කුණාටුව මේවන විට පිලිපීනයේ විශාලතම සහ වඩාත්ම ජනාකීර්ණ දූපත වන ලුසෝන් වෙත ළඟා වෙමින් පවතින අතර එය 5වන මට්ටමේ විනාශකාරී සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින අතර මෙහි ගමන්මඟ අවිනිශ්චිත වන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් ජූනියර් විසින් අද(24)දිනයේදී ප්‍රදේශයේ සියලුම පාසල් පන්ති අත්හිටුවන ලද අතර තීරණාත්මක සේවාවන් ඉටු කරන අය හැර රජයේ කාර්යාල වසා දමන ලදි. මීට අමතරව ඉතා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ ඉවත් කිරීමේ නියෝග සහ වෙනත් උපදෙස් අනුගමනය කරන ලෙසයි.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...