ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික ඉන්දියානු සහය ලබාගැනීම උදෙසා ආන්ඩුවට දහතුන්වෙනි ව්‍යාවස්තා සංශෝධනය සම්බන්ධව අවධානය යෙදවීමට සිදුවී ඇත.
මෙහිදී රටේ සියළු ප්‍රගතිශිලී බලවේග වල වගකීම විය යුත්තේ දහතුන ක්‍රියාත්මක කිරීමට ආන්ඩුවට බලකිරීමත් ඒ සඳහා විවේචනාත්මක සහය ලබාදීමේ අස්තානයකට යොමුවීමත් බව මාගේ අදහසයි.
මෙහිදී දහතුන ක්‍රියාත්මක කිරීම සම්බන්දව බොහෝ වමේ ව්‍යාපාර ප්‍රකාශ කරන්නේ උතුරේ මිනිසුන්ට දහතුනට වඩා අවශ්‍ය දේවල් ඇත, යන පටු අදහසයි.
මේ ප්‍රකාශයේ ඇති ගැඨළුව උතුරේ මිනිසුන්ට අවශ්‍ය දේ දකුණේ මිනිසුන් විසින් තීරණය කිරීමයි..උතුරේ මිනිසුන්ට අවශ්‍ය දහතුනද නැත්නම් වෙන දෙයක්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඇත්තේ උතුරේ මිනිසුන්ටම මිස දකුණේ අයට නොවේ..
ඔවුන් ඉල්ලන අවම ස්වාධීනත්වයත් ප්‍රතිකේෂ්ප කිරීම තුලින් වෙන්නේ බූමියෙන් එකට තිබුනත් ජාතික බැඳීමෙන් ඔවුන් අපෙන් බිඳී ඈත්වී තව තව අපේ ප්‍රතිවාදීන් වීමය…
එසේම ඔවුන්ගේ මතයට එරෙහිව යමින් ඔවුන්ගේ ඉරණම ගැන අපි තීරන ගැනීම නරුම ෆැසිස්ට්වාදක් මිස සමාජවාදයක් වන්නේ නැත.
එසේම දකුණේ වාමාංශික පක්ෂවල තවත් අදහසක් වන්නේ ඔවුන් දහතුනට එකඟ නැති බවත් ඔවුන් බලය ලබාගත් පසු ඊටවඩා දෙයක් උතුරට දෙන බවත්ය..ඇත්තෙන්ම එය නොකෙරෙන වෙදකමකි..මෙහි ගැඨළුව ඇත්තේ උතුරට දෙන දෙය හඳුන්වන නාමයේ නොව අවශ්‍යවන්නේ නම මොකක් උනත් ඔවුන්ට ස්වාධීන පාලනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම හෝ නිදහසයි..දහතුන ඒ සඳහා සමබර ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකිය..
අනිත් කරුන වාමාංශිකයන් විසින් ඔවුන් බලයට පත්වන තුරු දෙමළ ජනයාට ඉවසන්න යැයි කීමද සාධාරණ නැත, මන්ද ඒ ප්‍රකාශය තුල ඇත්තේ දකුණ කවදා හෝ O.K. වනතුරු උතුර මේලෙසම පැවතිය යුතුය යන කුහක අදහසයි..
මෙහිදී දෙමළ ජනයාට යමක් ලැබෙන්නෙ නම් එය දෙන්නේ කවුරුන් විසින්ද, එයින් වාසි ගන්නේ කවුද යන්න ගැන සැබෑ ප්‍රගතිශිලීන්ට ගැඨළුවක් ඇතිවන්නේ නැත..
කලු ජූලියට විරෝධය පලකර පසුගිය දිනක කොළඹ පහන් දැල්වීම සිදු කල ප්‍රගතිශිලීන්ගේ ක්‍රියාකලාප්පය මම අගයමි..එසේම කළු ජූලිය මෙන්ම සියළු වර්ගවාදී ව්‍යාසනවල නිධාන හේතුව දෙමළ ජනයා ඉල්ලන අවම ස්වාධීනත්වයත් දකුණ විසින් පිටුදැකීම බව මෙහිදී මතක්කරදීමට කැමැත්තෙමි.
එබැවින් කලු ජූලියට විරෝධය දක්වා පහන් පත්තු කර දහතුනට විරෝධය පලකිරීම දවල් මිගෙල් රෑ දැනියෙල් වැඩකැයි යැයි මට සිතේ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN