සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මෙරට බලධාරීන් සමග අද පැවැති සාකච්ඡාවකදී, මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා පවසා සිටියේ අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බවයි.
සියලුම ණයදෙන රටවල් සම්බන්ධ වන විනිවිද පෙනෙන සහ සන්සන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක වැදගත්කම තමා අවධාරණය කරන බවයි එහිදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??