එක වැඩකට සිමෙන්ති කොට්ටයක් නෑ, වැඩ ලක්ෂයක මාධ්‍ය සංදර්ශන නම් තියනවා – සජිත් (VIDEO)

Date:

පෙරදිග ධාන්‍යාගාරය යැයි කී ශ්‍රී ලංකාව පසුගියදා අභිමානයෙන් නිදහස සැමරු බවත් ඒ ධාන්‍යාගාරයේ පාරිභෝගික ඇමතිවරයා ජීවත් වෙන්නට පාකිස්තානයෙන් සහල් ඉල්ලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පෙරදිග ධාන්‍යාගාරයේ අද තත්වය එහෙම යැයි පැවසූ විපක්ෂ නායකවරයා මේ ආණ්ඩුව අන්තනෝමතික ලෙස ගොවි ජනතාව විනාශ කිරීමේ ප්‍රතිඵලය මෙය බවයි සඳහන් කළේ.

නැදිගම්විල විජයපුර ඒකාබද්ධ නවෝද්‍යා ප්‍රජාමූල සංවිධානය මගින් නඩත්තු හා මෙහෙයුම් සිදු කරනු ලබන ප්‍රජා ජල ව්‍යාපෘතියට අනුබද්ධව ප්‍රදේශයේ පවුල් 700 කට වැඩි ජනතාවකට සහන සැලසෙන පරිදි වඩාත් පිරිසිදු නැවුම් පානීය ජලය ලබාදීමේ අරමුණ ප්‍රකාරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් එම ප්‍රදේශයේ ජනතාව විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව, නවලෝක සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව රුපියල් ලක්ෂ 20 ක වටිනාකමින් යුක්ත ජල පිරිපහදු පද්ධතිය (ප්‍රති ආශ්‍රිත ජල පෙරනය) ලබා දීමට පසුගියදා කටයුතු කරනු ලැබිණි.

පසුගිය 06 වනදා එම උත්සවය පැවති අතර මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය දිලිප් වෙදාරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිළමේ ඇතුළු පිරිසක් ද ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

ජනතාව ජීවත් කරන ව්‍යාපෘති වලට අත තබනවාට වඩා කොමිස් කුට්ටි එන ව්‍යාපෘති වලට අත තැබීමට ආණ්ඩුව දෙවරක් නොසිතන බවද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

හොරකම් කරන්නට හැකි අල්ලස් ගන්නට හැකි කොමිස් කුට්ටි ගිලින්නට හැකි ගුවන් පාලම් වැනි දැවැන්ත ව්‍යාපෘති වලට දක්වන අභිරුචිය ජනතාව ජීවත් කරන ව්‍යාපෘතිවලට ආණ්ඩුව දක්වන්නේ නැති බව පුදුමයක් නොවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ලක්ෂ 1190 ක රෝහල් උපකරණ පමණක් මේ වන විට මිනිස් ජීවිත රැක ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය ලබාදී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව එවැනි වැඩ ගැන හිතන්නෙවත් නැති බවත් සඳහන් කළේය.

වැඩ ලක්ෂයක් යනුවෙන් මහා පරිමාණයේ ව්‍යාපෘතියකට අත ගැසීමට ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වැඩ ලක්ෂ කෙසේ වෙතත් එක වැඩකට සිමෙන්ති කොට්ටයක් හොයාගන්නට බැරි තරමට රට පත්ව ඇතැයි ද පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...