*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ග්‍රීෂ්මයේ එංගලන්තයෙන් අඩුවන ග්‍රීෂ්මය

එංගලන්ත කණ්ඩායම සමඟ පැවත්වෙන තරගවලදී එංගලන්තය වෙනුවෙන් උණුසුම් අවස්ථා මැවීමේ රුසියෙක් හැටියට ස්ටුවර්ඩ් බ්‍රෝඩ් කැපී පෙණින.විටෙක ඔහුගේ විශිෂ්ඨ පන්දු යැවීමෙන්ද,තවත් විටෙක අනපේක්ෂිත පන්දු යැවීමෙන්ම ඒ දේවල් කළ ස්ටුවර්ඩ් බ්‍රෝඩ් සමහර අවස්ථාවක පිටියෙන් පිටතත් උණුසුම් කරමින් ප්‍රතිවාදීන් සමඟ ගැටළුවලට මැදි විය.ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මේ සියල්ලම මෙන්ම ඔහුගේ පියාගේ ක්‍රිකට් තීරක තීරණ නිසා ද ස්ටුවර්ඩ් බ්‍රෝඩ් හිතට අල්ලා ගියේ නැති චරිතයක් විය.

නමුත් අළු බදුන තරගාවලියේ පස්වැනි තරගයේ සිව්වන දිනයේ දී බ්‍රෝඩ් ප්‍රකාශ කළේ, ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය හමාර කරන බවය.එවිටනම් පුංචි කෙනිත්තලකින් දැනෙන රිදුමක් ක්‍රිකට් ලෝලී හදවතේ ඇති වූයේ එවිට ඔහු දක්ෂයෙක් බව සහ ක්‍රීඩාවේ චමත්කාරය වෙනුවෙන් මෙහෙයක් කළ අයෙක් බව දැණුන නිසාය.
අළු බඳුන තරගාවලිය තුළ අවසන් වරට සිය පිත්ත සහ පන්දුව මෙහෙයවිය යුතු බව සිතූ ස්ටුවර්ඩ් බ්‍රෝඩ් මේ ඒ සඳහා හොඳම අවස්ථාව බව සිතුවේය.අවසානයේ එය සිය ආරම්භක පන්දු යවන සඟයා වන ජෙම්ස් ඇන්ඩර්ස්න්ටත් පවසා නායක බෙන් ස්ටෝක්ස් ඇතුළු කණ්ඩායමට පවසා ඇත්තේ ඇඳුම් මාරු කරන කාමරයේදී ය.නැතිනම් ක්‍රීඩාගාරයේ ඔවුන් රැදී සිටින කුටියේදී ය.

බ්‍රෝඩ් ජාත්‍යන්තර පිටියට එන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව 2007 දී ය.දැනට වසර 16 ට පෙර ය.මේ පන්දු යවන්නෙක් ලෙස ඔහු එංගලන්තයට දායකත්වය දෙන 167 වන ටෙස්ට් තරගයය.මෙම තරගය නිමාවන විට මේ වන විටත් කඩුලු 600 ඉක්මවා තිබෙන ඔහුගේ කඩුලු පැසට තවත් කඩුලු එකතු වන්නට ඉඩ ඇත.ඔහුගේ විශ්‍රාමය ප්‍රකාශ කර තිබෙන මොහොතේ එංගලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු ලකුණු 389 ක් ලබාගෙන සිටින අතර බ්‍රෝඩ් සහ ඇන්ඩර්සන් කඩුල්ලේය.අංක 10 පිතිකරුවා ලෙස පිටියට ආවද බ්‍රෝඩ්ගේ නමට ටෙස්ට් ශතකයක්ද,අර්ධ ශතක 13 ක් ද ඇති බැවින් ඇන්ඩර්සන් සමඟ අනපේක්ෂිත දෙයක් කරන්නට ද බැරි නැත.මන්ද ඔහු බැරිකමට විශ්‍රාම යන්නෙක් නොවන අතර නැත්තටම නැතිවීමට පෙර ඇතිවීම මත විශ්‍රාම ගන්නෙක්ය.අප එසේ කියන්නේ මේ තරගාවලියේදි ද දැනට වැඩිම එංගලන්ත කඩුලුලාභියාව සිටින්නේ ඔහු බැවිනි.

එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වලට නායකත්වයද දී ඇති එංගලන්තයට වටින මේ ක්‍රීඩකයාගේ සමුගැනීම ගැන අන් ක්‍රීඩකයන්,පාලකයින් කරන ප්‍රකාශ දෙස බැලීමේදී එංගලන්තයට ස්ටුවර්ඩ් බ්‍රෝඩ් කෙතරම් වටින්නේ ද යන්න යළි යළිත් සිතිය හැකිය.එසේම ඔහු ජාත්‍යන්තර වශයෙන් මැග්‍රාත් වැන්නන් කියන කියුම් සමඟ ගත් විට ජාත්‍යන්තර වශයෙන් ද ඔහු සටන්කාමී දක්ෂයෙකුගේ සළකුණක්ය.ඇත්තටම අපට සමහර විට කලහකාරී ලෙස දැනෙන්නට ඇත්තේ ඒ සටන්කාමීකමම විය හැකිය.ඒ ආකාරයෙන් බලන විට මේ ග්‍රීෂ්ම ෂාතුවේ එංගලන්තයෙන් අඩුවන්නේ ඔවුන්ගේ ජයග්‍රහණයන් හී ග්‍රීෂ්මය ලෝකයට දනවන්නට දායක වූ ප්‍රධාන පංගුකාරයෙක්ය.ක්‍රිකට්වලට චමත්කාරය එකතු කළ හිස පැළදි සුදු පටිය අනන්‍යතාවය කර ගත් බ්‍රෝඩ් ක්‍රිකට්වලට ඔබ අමතක නොවන දක්ෂයෙක් පමණක් නොව සටන්කාමියෙක්ය.ඔබටම අනන්‍ය වූ හැසිරිම් රටාවක් සහිත විලාසිතාකාරයෙක්ය.

ස්ටුවර්ඩ් බ්‍රෝඩ්ගේ දක්ෂතාවලට මේ හරහා පිවිසෙන්න.
https://www.espncricinfo.com/cricketers/stuart-broad-10617

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan