පිරවුම්හල්හිමියන්ගෙන් කංචන ඉල්ලීමක් කරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.ඒ නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙසයි.

මේ අතර අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව ද අමාත්‍යවරයා දැනුම්දී ඇති අතර, අමාත්‍යවරයා නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101ක පෙට්‍රල් 92 සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල්, 50% ක් අවම තොග ඊයේ (29) දවස වන විට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති අතර ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කරද නොමැති බවය.

නිසි පරිදි ඉන්ධන තොග පවත්වාගෙන යාමට අපොහොසත් වූ ඉන්ධන පිරවුම්හල් කීපයක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමට සහ අනෙකුත් පිරවුම්හල්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුගිය මස කටයුතු කර තිබූ අතර 2023.07.30 වනදා උදෑසන 8.30 වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග පහත පරිදි වේ.

ඔටෝ ඩීසල්  – මෙ.ටො. 124,690
සුපිරි ඩීසල් – මෙ.ටො 5,651
පැට්‍රල් 92- මෙ.ටො 19,903
පැට්‍රල් 95 – මෙ.ටො 4,537
ගුවන්යානා ඉන්ධන – මෙ.ටො 26,539

ඊයේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාමට අසමත් වී ඇති සහ ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඇණවුම් නොකරන ලද ඉන්ධන පිරවුම්හල් පහත දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...