Home විදෙස් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරේ

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(16) දිනයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දී ක්‍රියාත්මක වූ ඊශ්‍රයල හා ලෙබනන් සකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දින 10ක සටන් විරාමයක් ක්‍රියාත්මක කර තිබේ.

ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය ලෙබනනයේ ජනාධිපති සහ ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු විසින් පිළිගනු ලැබූ අතර සටන් විරාමය අතරතුර හිස්බුල්ලා සංවිධානය හොඳින් කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.

මෙම ගිවිසුම යටතේ ඕනෑම අවස්ථාවක තමන්ව ආරක්ෂා කර ගැනීමේ අයිතිය ඊශ්‍රායලයට රඳවා තබාගෙන ඇති අතර මෙවර, ඊශ්‍රායලයේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන බව හිස්බුල්ලා සඳහන් කර ඇත.

ගිවිසුම බලාත්මක වීමට පැය කිහිපයකට පෙර ඊශ්‍රායලය හමුදාව හිස්බුල්ලා ඉලක්ක 280කට අඛණ්ඩව ප්‍රහාර එල්ල කර තිබු අතර ජාත්‍යන්තරික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මෙය වහා බිඳෙන සුළු සටන් විරාමයක් වනු ඇති බවයි.

පෙබරවාරි 28 වන දින යුද්ධයේ පළමු දිනයේදී ඊශ්‍රායලය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම මෙන්ම 2024 නොවැම්බර් මාසයේදී ලෙබනනයේදී ඊශ්‍රායලය එකඟ වූ සටන් විරාමය දිනපතාම පාහේ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර ඇති අතර එතැන් සිට, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ 2,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර සිවිල් වැසියන් මිලියන 1.2 ක් පමණ අවතැන් කර ඇත.