මීළඟ ජනාධිපතිවරණය දිනන්නේ රනිල්. ඡන්ද ලක්ෂ 100ක් ගන්නවා – වජිර (VIDEO)

Date:

මීළඟ ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික ජයග්‍රහණයක් ලබනු ඇතැයි කිසිදු සැකයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“රට බංකොලොත්, තාම බංකොලොත්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා බංකොලොත්කමින් ටික ටික ගලවාගෙන යනවා. ලබන මාසේ සම්පූර්ණයෙන්ම ගලවන්න බලාපොරොත්තු වෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ආර්ථික දේශපාලන විශේෂඥයෙක්. එතුමා දිහා බලාගෙන හිටියා නම් ප්‍රමාණවත්, දන්නවා කොහෙටද යන්න හදන්නේ කියලා. අද විරුද්ධ පක්ෂයේ අය කතා පවත්වන්නේ එතුමා හන්දා. සමහරු අහනවා ඡන්දෙ නැද්ද කියලා. ඡන්ද කරලානෙ කන්න නැතුව පෝලිමට ගියේ ? දැන් ඊළඟ ජනාධිපති මැතිවරණයෙන් මට නම් කිසිම සැකයක් නෑ, ඡන්ද ලක්ෂ 100ක් විතර අරගෙන ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහයි කියලා මතක් කරන්න කැමතියි මිත්‍රවරුනි”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති එජාප හිඟුරක්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...