ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ඇරඹීමට අවධානය

Date:

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) මහතා සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Kozo) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී තිබේ.

ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති, දැනට අතරමඟ නවතා තිබෙන සංවර්ධන ව්‍යාපෘති ජනතාවට ප්‍රතිලාභ අත්වන අන්දමින් යළි කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු, එම සියලු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරින් ද සම්බන්ධ කර ගනිමින් අදාළ ව්‍යාපෘති පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට ද තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි (Mizukoshi Hideaki) මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...