කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි !

Date:

කොළඹ සිට නුවර එළිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද (01) අළුයම 04.30 ට පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි බස් රථයකට ඉඩදීමට යාමේදී මෙසේ අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ 18 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔවුන් අතරින් බරපතළ තත්වයේ පසුවූ 5 දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථයෙහි මගීන් 100 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...