ඇතාවැටුණුවැවටත් ඩී.පී. එඩියුකේෂන් IT කැම්පස් එකක් ! (VIDEO)

Date:

දැයේ දුවාදරුවන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම සහ ඔවුන්ට අනාගතයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා මග විවර කිරීමේ අරමුණින් යුතුව ඩී.පී. එඩියුකේෂන් වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරෙන “ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” මධ්‍යස්ථානයක් වැලිඔය, ඇතාවැටුණුවැව විද්‍යාලයේදී පසුගිය 30 වනදා විවෘත කෙරිණි.

ඒ, ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

“මේ ප්‍රදේශයට ඉන්ටර්නෙට් නෑ, සිග්නල් හරියට නෑ. නමුත් අපි නවීන තාක්ෂණයෙන් මෙතනට ඉන්ටර්නෙට් ගේනවා. ඉතින් ඒක හින්දා ළමයින්ට ඉගෙන ගැනීමේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. මේ වගේ කිසිම ඉන්ටර්නෙට් සහ සිග්නල් නැති ප්‍රදේශයක මේක කිරීමෙන් අපි බලාපොරොත්තු වෙනවා අඩුම ගාණෙ ළමයින් 200ක් අවුරුද්දකට මෙතනින් පිටකරන්න පුළුවන් වෙයි කියලා සොෆ්ට්වෙයා ඉංජිනියර්ස්ලා හැටියට” යනුවෙනුයි එම අවස්ථාවේදී ධම්මික පෙරේරා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

ඩී.පී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හරහා අනාගත ලෝකයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයකට මග කියන කෝඩින්, ඒ.අයි. සහ රොබෝටික්ස් අධ්‍යාපනය ලබාදෙනු ලැබේ. දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් ඩී.පී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් පිහිටුවීමට දැනටමත් සැලසුම් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලම පසු...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...

නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !

සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...

ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA

සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...