*
Monday, September 30, 2024
spot_img

Latest Posts

වගා හානි තක්සේරු කරන්න – කෘෂිකර්ම අමාත්‍ය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට උපදෙස් ලබාදී ඇත්තේ, නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය වහා තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසයි.

කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ අමාත්‍යවරයා විසින් එම මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතාට උපදෙස් ලබාදුන් බවත්, ‍වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් වන්දි වශයෙන් දුන්නද එය ප්‍රමාණවත් නොවන බවයි .

එබැවින් , එම වන්දි මුදල ඉහළ දැමිය යුතු බවට මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේ දී සිදුවු වගා හානි වෙනුවෙන් රුපියල් බිලියන 1.7ක මුදලක් ලබා දී ඇති අතර එය මෙම වසරේ දී වැඩිවිය හැකි බව එහිදි ප්‍රකාශ කර ඇති අතර , උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“අපි උපදෙස් ලබාදුන්නා වහාම මේ නියඟය නිසා හානියට පත්වෙන ගොවි ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා ඒ පිළිබඳ අවශ්‍ය කටයුතුවලට ප්‍රවේශවෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ලැබෙන වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා රක්ෂණ මණ්ඩලය හරහා වන්දි මුදලක් ලබාදෙන්න. අපිට දැනට දෙන්න පුළුවන් වෙන්නේ හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක්. නමුත් සමහර ප්‍රදේශවල තත්ත්වය ඊට වඩා වෙනස්. අපි උත්සාහයක් දරනවා. නමුත් අපි දැනට ලක්ෂයක් ලබාදෙන්න කටයුතු කරනවා. සමහර ප්‍රදේශවලට ඒක ප්‍රමාණවත් නෑ. ඒක වැඩිකරලා දෙන්න අපි අවධානය යොමුකරලා තියෙනවා.”

අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාළ රත්නායක මහතා පැවසුවේ, එම සාකච්ඡාව මාධ්‍යයට ආවරණය කිරීමට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් ගොවි නියෝජිතයින් විරෝධය පළ කළ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan