සද්දන්තයන් සුරකින්නට කාටුන් ප්‍රදර්ශන මාලාවක්

Date:

විනිවිද: එළැඹෙන අගෝස්තු 12 දිනට යෙදෙන ලෝක හස්ති දිනය නිමිති කරගනිමින් අලි ඇතුන් සංරක්ෂණය හා මිනිස්-අලි ගැටුම් කළමනාකරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රකට පුවත්පත් හා වෙබ් කාටුන් ශිල්පීන් රැසක් විසින් අඳින ලද කාටුන් ප්‍රදර්ශන මාලාවක් දිවයිනේ ස්ථාන අටකදී 12 සහ 13 දෙදින තුළ පැවැත්වීමට ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය මගින් කටයුතු සංවිධානය කර ඇත.

මේ සඳහා අසංග ඉඳුනිල්, දයාන් කොට්ටච්චි, දර්ශන කරුණාතිලක, ආර්. සී. ප්‍රදීප්කුමාර්, අවන්ත ආටිගල, හසන්ත විජේනායක, අංජන ඉන්ද්‍රජිත්, මිෆ්රාස් මුසම්මිල්, සුසිල් පෙරේරා සහ වසන්ත සිරිවර්ධන වැනි දිවයිනේ ප්‍රමුඛ හා ප්‍රතිභාපූර්ණ කාටුන් ශිල්පීන් තම දායකත්වය ලබාදී තිබේ.

එම කාටුන් ප්‍රදර්ශන එළැඹෙන සති අන්තයේ පින්නවල අලි අනාථාගාරය, උඩවලව ඇත් අතුරු සෙවණ, පේරාදෙණිය උද්භිද උද්‍යානය, ගල්ගමුව සත්ව අහිංසා ස්මාරකය, වවුනියාව විශ්වවිද්‍යාලය, හා ගාල්ල කොටු පවුර යන පරිශ්‍ර වල මෙන්ම අම්පාර, උහණ සහ සූරියවැව යන නගර වල පැවැත්වේ. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වවුනියාව විශ්වවිද්‍යාලය, ගල්ගමුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා තරුණ සත්ව වේදීන්ගේ සංගමය, වනජීවී සංරක්ෂණ සංගමය – ගාල්ල, ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ සංගමය, අහිංසා ශ්‍රී ලංකා සහ සොබාදහම් පාසල යන ආයතන සහ සංවිධානද තම සහාය ලබා දෙයි.

වචන සිය දහසකින් වත් ප්‍රකාශ කිරීමට නොහැකි අදහසක් ඉතා කෙටි කාලයක් තුළ, ඉතා තදින් සිතට වදින ආකාරයට තම කාටුන් නිර්මාණ හරහා ජනගත කිරීමටත්, ඒ ඔස්සේ බලධාරීන් අවදි කිරීමටත් කාටුන් ශිල්පීන් සතු හැකියාව අවිවාදිතය. එම විභවය මෙරට අලි ඇතුන් සංරක්ෂණය හා මිනිස්-අලි ගැටුම් කළමනාකරණය සම්බන්ධ ඇල්මැති පාර්ශව උනන්දු කරවීමට දායක කරගැනීම මෙම කාටුන් දැක්මේ අරමුණයි.

මූලාශ්‍රය: විනිවිද

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...