*
Wednesday, November 20, 2024
spot_img

Latest Posts

රනිල් තනිවම පාර්ලිමේන්තුව වටලයි,

ජනාධිපති රනිල් ගිය අගෝස්‌තු 09 වෙනිදා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කළා. රනිල්ගේ විශේෂ ප්‍රකාශයට පදනම් උනේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.රනිල් එතනදී කිව්වේ 13 වන සංශෝධනය කියන්නේ මේ රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නිසා කාටවත් 13 මගහැරලා යන්න බෑ කියලයි.ඒ හින්දා 13 වෙනි සංශෝධනය ජාතියේ වර්ධනය සහ අනාගතයට ගැලපෙන අයුරින් රටට ගැලපෙන පරිදි ක්‍රියාත්මක කරන්න ඕනි කියලයි.ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පුළුල් හා විවෘත මනසකින් යුක්තව කටයුතු කරන්න ඕනි කියලත් රනිල් කිව්වා.

13 ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධව ව්‍යවස්ථා සංශෝධන තුනක් යටතේ රනිල් කරුණු ඉදිරිපත් කළා.ඊට අදාල රනිල්ගේ යෝජනා ක්‍රමවේදයන් සහ කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙනාවා.රනිල් මෙතනදී කිව්වේ දැනට 13 වෙනි සංශෝධනයේ තියන සංවේදී කොටස් ඒ කියන්නේ පලාත් සභාවලට පොලිස් බලතල දීම වගේ ඒවා තාවකාලික පැත්තකින් තියලා දැනට එකඟ විය හැකි තැන් සමඟ ඉදිරියට යමු කියලයි.රනිල් කියන්නේ මෙච්චර කාලයක් සුදු අලියෙක් විදිහට තිබුණ පලාත් සභා රටට බරක් නොවන ජනතා විශ්වාසය දිනූ ව්‍යුහයක් විදිහට සංවර්ධනය කරමු කියලයි.

ඒ වගේම ජාතික සමගිය පිළිබිඹු වෙන ඒකක බවට පලාත් සභා පද්ධතිය යොදාගන්න පලාත් සභා ඇතුලේ ක්‍රම වෙනසක් ඇති කරමු කියලයි.රනිල් මේ පන්නයේ යෝජනාවකට ලෑස්ති වෙන බව මීට ටික දවසකට උඩදී රටේ රාළ කිව්වා.රනිල් උතුරු හා නැගෙනහිර පලාත් නියෝජනය කරන දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් සහ වතුරකරයේ දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් එක්ක කරපු සාකච්ඡාව ඇතුලේ ඒ බව කැපී පෙනුනා.ඒ සාකච්ඡාවේදී රනිල් අවධාරණය කළේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් බලය බෙදීමේ ක්‍රියාවලියකට එකඟ වෙන්න ඕනි කියලයි.

ඒ කතාවම රනිල් ඉන්දියන් අගමැති මෝදිටත් කියලා තිබුණා.ඇත්තටම රනිල් රටේ රාජ්‍ය නායකයා විදිහට යන්න පුළුවන් උපරිම ප්‍රජාතන්ත්‍රවාදී සිමාවත් ඒක.ඊට පස්සේ තිබුණ සර්ව පාක්ෂික සමුළුවේදී රනිල් ප්‍රශ්නය සියලු පාර්ශවවලට විවෘත කළා.ජවිපෙ ඒ අවස්ථාව ගනිමින් සර්ව පාක්ෂික සමුළුවට ආවේ නෑ. ඇත්තටම ජවිපෙ දැන් දේශපාලන වශයෙන් නපුන්සකයි.ජවිපෙ එතනදී අනුගමනත කළේ ඉතාමත් නිවට දේශපාලන ප්‍රතිපත්තියක්.ඔයාලා දන්නවා 1987 ජේආර් ඉන්දු – ලංකා ගිවිසුම හරහා පලාත් සභා ගේනකොට ඊට විරුද්ධ නැගී හිටපු සක්‍රීය ව්‍යාපාරය ජවිපෙ.

ඊට අමතරව ශ්‍රිලනිපයත් සිරිමාවෝ බණ්ඩාරනායකත් එක්ක දැඩි විරෝධයක් දැක්වුවා.කොහොම උනත් රටේ විරෝධය නොසලකා ජේආර් ඇඳිරි නීතිය දාගෙන ඉන්දු – ලංකා යටත්වීමේ ගිවිසුම අත්සන් කළා.පලාත් සභා ස්ථාපිත කළා.ඊට විරුද්ධ ගෙනගිය සටනින් ජවිපෙය සමූළඝාතනය වුනා.ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු හැටදාහක් සාමාජිකයෝ ඒ වෙනුවෙන්ම ජීවිත පූජා කළා.1994 න් පස්සේ නැවත දේශපාලනට ආපු ජවිපෙ පලාත් සභාවලට තරඟ කළා.එදා ජවිපෙ ඉදිරිපත් කරපු තර්කය උනේ පිටත ඉඳන් පලාත් සභාවට දක්වපු විරෝධය පලාත් සභාව ඇතුලට ගෙනියන්න පලාත් සභාවලට තරඟ කරනවා කියලා.

ඒ තර්කයට අනුව ජවිපෙ පලාත් සභා විසිරෙන තුරු පලාත් සභා නියෝජ්‍ය කළා.පලාත් සභාවලින් ලැබුණ සියලු වරප්‍රසාද ජවිපෙ අරගත්තා.එහෙම කරපු ජවිපෙ 13 සම්බන්ධව කතා කරන්න එකතු උන සර්ව පාක්ෂික සමුළුව සහභාගී වුනේ නෑ.ජවිපෙ එතනට ගියා කියලා රනිල්ට සින්න වෙන්නේ නෑ. ඇත්තටම අනුර රනිල් ඉන්න රැස්වීම්වලට එන්න බයයි.අනුරට කොන්ද කෙලින් තියාගෙන රනිල් ඉදිරියේ පෙනී ඉන්න බෑ.විමල්ට ගහන්න තියන කොන්ද අනුරට රනිල්ට ගහන්න නෑ.අනුර සහ රනිල් මිට ඉස්සෙල්ලා හොඳ යාළුවෝ. අනුර රනිල්ට සහ රනිල්ගේ පාර්ශවයට දිගටම කියලා තිබුණේ ” අපිට ඕවා කරන්න බෑ.ඔයාලා කරන්න.අපි විරුද්ධ වෙලා නිහඩ වෙන්නම් ” කියලයි.

රනිල් සහ අනුර කරපු සාකච්ඡාවල හිටපු අය ඉන්නවා.එයාලා සහ රනිල් කට ඇරපු දවසට අනුර ඉවරයි.ඒකයි එක පාරක් රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වේ මම එතුමා ගැන මොකුත් කියන්නේ නැත්තේ එතුමාට පක්ෂයෙන් ප්‍රශ්න එන හින්දා කියලා.ජවිපෙට ඒ සමුළුවට ඇවිත් තමන්ගේ මතය දක්වන්න යුතුකමක් තියනවා.එදා නෙවෙයි රනිල් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කරපු අගෝස්තු 09 වෙනිදත් අනුර ඇතුළු මාලිමාව හිටියේ හැංගිලා.එදා සර්ව පාක්ෂික සමුළුවට ආපු විපක්ෂ නියෝජිතයෝ රනිල්ගෙන් ඇහුවේ ඉස්සෙල්ලා ආණ්ඩුවේ එකඟතාවය කියන්න කියලයි.

ඇත්තටම ඒක මහ මොට්ට කතාවක්.තමන්ගේ වගකීම පැහැර හරින්න කියපු කතාවක්.සර්ව පාක්ෂික සමුළුවක් කැදවන්නේ සියලු දෙනාගේ පොදු එකඟතාවයකින් කටයුතු කරන්න. එතනදී ආණ්ඩුවට පොදු මතයක් නැති වෙන්න පුළුවන්. පොදු මතයක් හදා ගැනීම වෙනුවෙන් තමයි සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්නේ.අඩුම ගානේ එකඟ වෙන්න පුළුවන් තැන් ගැන එකඟතා හදාගන්න හොඳම තැන තමයි සර්ව පාක්ෂික සමුළුව. හැබැයි අපේ රටේ වගකීම් විරහිත විපක්ෂය සර්ව පාක්ෂික සමුළුවේදී බෝලය රනිල් පැත්තට තල්ලු කරලා අත පිහදා ගත්තා.

රනිල් ඊළගට කරපු දේ තමයි රනිල්ගේ යෝජනාවක් විදිහට තියන 13 සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම.අගෝස්තු 09 වෙනිදා රනිල් කළේ ඒක.විපක්ෂය රනිල්ගේ පැත්තට තල්ලු කරපු බෝලය රනිල් ආයෙත් පාර්ලිමේන්තුව පැත්තට තල්ලු කළා.දැන් පාර්ලිමේන්තුවේ නැත්තේ රනිල් විතරයි.දැන් 88/89 පලාත් සහාවලට විරුද්ධ වුන ජවිපෙට 13 ගැන තමන්ගේ මතය කියන්න වෙනවා.ඇත්තටම රනිල් ගෙනත් තියෙන්නේ 13 minus යෝජනාවක්.දැන් 13 plus දෙනවා කියපු මහින්දට සහ මහින්දගේ එදා ගෝල බාලයන්ට තමන්ගේ මතය කියන්න වෙනවා.

සජිත්ට දෙමළ ජනතාවට දෙන විසදුම ගැන කියන්න වෙනවා.දැන් පන්දුව තියෙන්නේ පාර්ලිමේන්තුවේ බව ඔයාලටත් පැහැදිලි ඇති. රනිල් කරපු දේ තමයි සියලු පක්ෂ වෙන වෙනම හිර කරලා තියන එක.ඒ වගේම ඊළග ජනාධිපතිවරණයේදී සිංහල වගේම දෙමළ ජාතිවාදීන්ටත් 13 වෙනි සංශෝධනය සටන් පාඨයක් විදිහට තනිව පාවිච්චියට ගන්න තිබුන අයිතිය නැති කරලා දාලා ඉවරයි. රටේ රාළ බලකාය කියන්නේ රට කිසිසේත්ම බෙදෙන්න බෑ.රටේ ඒකීයභාවය,ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා වෙන්න ඕනි.

රටේ හැම ජන කොටසකටම සමාන අයිතිවාසිකම් හම්බ වෙන්න ඕනි.බෙඳුම්වාදී සහ ඉන්දියන් ව්‍යාප්තවාදි අර්ථයෙන් ගෙනාපු 13 වෙනි සංශෝධනය රටට හානිකර නොවන ව්‍යුහයක් බවට පරිවර්ථනය කරන්න ඕනි.ඒකට යෝජනා අදහස් දෙන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දේශපාලන පක්ෂයකට වගකීමක් තියනවා ඒ වගේම පෞද්ගලිකව හැම මන්ත්‍රී කෙනෙකුටම වගකීමක් තියනවා. රනිල් තමන්ගේ මතය කියලා ගියා.දැන් සජිත්ගේ,අනුරගේ, රාජපක්ෂලාගේ වාරය ඇවිත්.දැන් රනිල් අටවපු උඟුලේ මුළු පාර්ලිමේන්තුවම වැටිලා.බළමු විපක්ෂය මේ තත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan