සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජෝර්දාන හමුදාවේ නිල වෙබ් අඩවියට අනුව ඊයේ දින (16) නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු ජෝර්දාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
මෙම ශ්‍රී ලාංකිකයන් දේශසීමා හමුදා විසින් අත්අඩංගුවට ගෙන අදාළ බලධාරීන් වෙත භාරදී ඇති බව වාර්තාවන අතර ජෝර්දාන-ඊශ්‍රායල් දේශසීමාවේ වසර ගණනාවක් පුරා අප්‍රිකාව, ආසියාව සහ තුර්කිය ඇතුළු විවිධ රටවලින් ඊශ්‍රායලයේ රැකියා පතා පැමිණෙන පුද්ගලයින් විසින් අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා කිහිපයක් දැකගන්නට ලැබුණි.
එවැනි උත්සාහයන් මැඩපැවැත්වීම සඳහා හමුදාවන් දැඩි ලෙස ක්‍රියා කරන අතර පසුගිය වසරේ ජෝර්දානයෙන් පුද්ගලයින් 52 දෙනෙකු අනවසරයෙන් ඇතුළු වූ අතර 2023 පළමු කාර්තුවේදී 23 දෙනෙකු එසේ පැමිණ ඇති බවයි ඊශ්‍රායල බලධාරීහු පවසන්නේ .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??