එක්සත් ජනපද, දකුනු කොරියා සහ ජපන් නායකයින්ගේ Camp David සමුළුව

Date:

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ දකුණු කොරියානු සහකරු යූන් සුක්-යෙයෝල් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ව්තර පළමු නිල හමුව ඊයේ(18) දිනයේදී කැම්ප් ඩේවිඩ්හිදී සිදු වූ අතර එහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් නායකයන් තිදෙනා ත්‍රෛපාර්ශ්වික හවුල්කාරිත්වයේ නව යුගයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම සමුළුව වඩාත් විශේෂ වන්නේ, මේ වනවිට දකුණු කොරියාව සහ ජපානය අතර සබඳතා බිදවටෙමින් පවතින අවස්ථාවක හා ආසියා-පැසිෆික් කලාපය තුළ චීනයේ වර්ධනය වන ස්ථාවරභාවය මෙන්ම මෑත කාලීන උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් මාලාවකට කලාපීය රටවල් මුහුණ දෙමින් සිටින පරිසරයකය පැවැත්වීමයි.

සමුළුවේ සාකච්ඡා වලින් අනතුරුව නායකයන් තිදෙනා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම, ඉන්දු-පැසිෆික් කටයුතු ශක්තිමත් කිරීම සහ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට අධිෂ්ඨානශීලීව කටයිතු කරන බවත්, දකුනු චීන මුහුදේ සහ පියොංයැන්ග්හි න්‍යෂ්ටික න්‍යෂ්ටික අත්හදාබැලීම් හා බීජිං තායිවානය සම්බන්ධයෙන් වන මැදිහත්වීම භයානක හා ආක්‍රමණශීලීවන බවත්, එය හෙලා දකින බවත්ය.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...