රත්නප්‍රියගේ හෙද හෙදියන් වර්ජනයෙන් ඉවත් වෙයි!

Date:

සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් විසින් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩ වර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉවත් වී තිබේ.

මෙම වැඩවර්ජනයට අදාළව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය 10 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කර තිබුණ අතර කෙසේවෙතත් එය නොතකා තවදුරටත් අද දිනය දක්වාම ඔවුන් වැඩවර්ජනයේ නිරත විය.

පවතින තත්ත්වය අනුව අධිකරණ නියෝගයට හිස නමමින් මෙම වැඩවර්ජනයෙන් තාවකාලිකව ඉවත් වීමටයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

සෙසු වෘත්තීය සමිති 17 තවදුරටත් අඛණ්ඩ වැඩ වර්ජනයේ නිරතව සිටියි.

මේ අතර සෞඛ්‍ය සේවය සහ විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් අද දින ජනාධිපතිවරයාගේ නියමයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...