ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ප්‍රමාණය හෝ ස්වභාවය වැදගත් නැහැ – ජනපති (VIDEO)

Date:

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“මම නොවැම්බර් මාසේ පත්වුණු වහාම දෙසැම්බර් වෙනකොට අපට විශාල අභියෝගයකට මුහුණ දෙන්නට වුණා, මුළු ලෝකයම මුහුණ දුන්නු මේ කොරෝනා වසංගතය. අද වෙනකොට රට නැවතත් විවෘත කිරීමේ හැකියාවක් අපට ලැබුණා. සමහර අවස්ථාවලදී අපට විශාල බලපෑම් ආවා රට වහන්න කියලා. වහලා තිබුණු කාලවල පවා අපි ක්‍රියාත්මක වුණා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන්න, ඒ අයට අවශ්‍ය බෙහෙත් ගෙදරටම ගිහිල්ලා දෙන්න, ඊට අමතරව සහනාධාර ලබාදෙන්න. මං හිතන්නෙ මේ පසුගිය අවුරුදු දෙක තුළ සිදුවුණු මේ කාර්යය හුඟක් අයට මතකත් නැහැ, සමහර අය දන්නෙත් නැහැ. නායකයෙකු වශයෙන් ඒ වෙලාවෙ තිබුණු ලොකුම අභියෝගය තමයි අපි කොහොමද මේකට මුහුණ දෙන්නෙ කියන එක. මං හිතන්නෙ අපට පුළුවන් වුණා ඒකට සාර්ථකව මුහුණ දෙන්න.

යම්කිසි වෙනස්කම් කරනකොට ඒ වෙනස්කම් කරන්නට විශාල අභියෝග ඉදිරිපත් වෙනවා. මේ පුනර්ජනනීය බලශක්තිය ඉදිරියට ගෙනියන්නටත් ඒ වගේ විශාල අභියෝගයන් ඇවිල්ලා තිබෙනවා. ඒ අභියෝග මධ්‍යයේ තමයි මම මේක ඉදිරියට ගෙනයන්නට උත්සාහ ගන්නෙ. විදුලිබල මණ්ඩලය පැත්තෙන් ඒ අය ඉදිරිපත් කරන ප්‍රශ්න තමයි ග්‍රිඩ් එක බැලන්ස් කරගන්නට අමාරුයි කියන කාරණය. ඉතින් මේක ඉතාමත්ම වැදගත්, කළයුතු දෙයක් බව අනිවාර්යයෙන්ම රජයක් හැටියට අපි අවබෝධ කරගෙන තිබෙනවා. රජයේ ආයතනවල, විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ කඳවුරුවල ඒ වහලවල් පාවිච්චි කරලා සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනයට අපි ව්‍යාපෘතියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකම ගෙවල්වල දවල් කාලය තුළ අපට පුළුවන් නම් මේ බලශක්තිය නිපදවන්න, අපට මේක හුඟක් පාලනය කරගන්නට පුළුවන්”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ විවිධ ක්ෂේත්‍රවල වෘත්තීයවේදීන් සමග සිදුකෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සාකච්ඡා වටය පෙරේදා (11) ජනාධිපති මන්දිරයේදී ආරම්භ කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...