නිමා වූ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගාවලියේ දී විනාඩි ගණනාවක් අතර ශ්‍රී ලංකා කාන්තා දුර පැනීමේ වාර්තාව දෙවරක් අලුත් වුණා.ඒ දස්කම සිදු කළේ සාරංගි ද සිල්වා යි.ඒය තවත් වටින්නෙ සාරංගි දෙවරක්ම අලුත් කරමින් ඉදිරියට රැගෙන යන ශ්‍රී ලංකා වාර්තාවත් ඇයගේ නමින් තිබීමයි.
තරගය ආරම්භ වන විට සාරංගි නමින් පැවති වාර්තාව මීටර් 6.44 ක්.නමුත් තරගය අතරතුර ඇය ඒම වාර්තාව මීටර් 6.51 දක්වා රැගෙන එනවා.ඉනික්බිති තරගය අවසාන කරන්නේ එය තවත් සෙන්ටි මීටර් 14 ක් ඉස්සරහට තල්ලු කරන්න සමත් වුණු මීටර් 6.65 ක් පිම්මකින්.
ඇය 2012 දි පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නෙ ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන්.එවිට ඇය තමයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ හිටිය ලාබාලතම ක්‍රීඩිකාව.ඉනික්බිති දුර ගමනකට ඇය ක්‍රීඩාව පැත්තෙන් වගේම අධ්‍යාපනය පැත්තෙනුත් දමා ගත් පදනම නිසා ඇය ඉකුත් කාලයේ කටාර් හී වැඩි දුර පුහුණුව ලැබුවා.ජාත්‍යන්තර පුහුණු උපදේශනයන් යටතේ ඒ පුහුණුව තුළ තිබුණු දැණුම සහ තරගකාරී දක්ෂයන්ගේ කැළක් සමඟ එකට තරඟකාරී පිමි පනින්නට ලැබුණු ඉඩත් නිසා සාරංගි එම පුහුණුවෙන් පසුව 2021 ජූනි මස 23 සිට 2022 පෙබරවාරි 12 වන විට තෙවරකදි ජාතික වාර්තාලාභිණිය ලෙස සිය දක්ෂතා ඉදිරියට රැගෙන ගොස් තිබෙනවා.
ඇය මේ දක්වන දක්ෂතා අනුව ඇයට කොදෙව්වෙන් එපිටට ජයග්‍රහණ ලැබිය හැකි පිමි පැනීමේ හැකියාව පෙනෙන්නට තිබෙනවා.ඇය හොඳම මට්ටමක සිටින මේ මොහොතෙ ශ්‍රී ලංකාවෙන් දුර තරගකාරී බිමක තව දුරටත් මඟ පෙන්වීමකට යොමු කළහොත් ඇය ශ්‍රි ලංකාවට වටින ජයග්‍රහණ තව තවත් නෙලා දෙයි.
ඇයගේ ශ්‍රී ලංකාවෙ පුහුණුකරු වෙන්නෙ ජාතික පුහුණුකරුයි.වයි.කේ.කුලරත්න ජාතික පුහුණුකරු ලෙස ඇයට පෙන්වන මඟ පෙන්වීම ඊට වඩා ජාත්‍යන්තර තරග බිමක අත්දැකීම් සහිතව තරගකාරී ඉහළ තරගකාරියන් සමඟ සිඳු වෙනවානම්…
කුලරත්නයන්ට ඒ පසුබිම සකස් කර දෙන්නට බැහැ.ඒ මේ පොළවේ ඇත්ත.කියුබානු පුහුණුකරුවන්ට එරෙහිව යුද ප්‍රකාශ කරමින් මෙරට පුහුණුකරුවන් මරු කියමින් කියන්නට උත්සාහ කළ පිරිස් ගොඩ නඟන තර්කය ඇතුළෙ ලංකාවෙ පුහුණුකරුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වාර්තා කර පෙන්වන ලද දක්ෂතා උදාහරණයට ගැනීම හරිම වැදගත්.ඒත් ඒ දක්ෂතා වැදගත් වුවත් වෙන ඉහළ තාක්ෂණික පහසුකම් සහිත පොළවක,තියුණු තරගකාරීත්වයක නිරන්තරයෙන් ගැටෙන්නට ලැබුණානම් ඒ දක්ෂතා ඊට වඩා ඉහළ තියේවී.රටේ පුහුණුකරුවන්ගේ අඩුවක් නොවුණත් පුහුණු වෙන්න දිය හැකි පහසුකම් සහ දැණුම ගලා ඒමත් සිඳුවන්නෙ අඩුවෙන් සහ ප්‍රමාද සහිතවයි කියන කාරණය අප පිළිගන්න ඕනි.ඒ පොළවේ අඩුව පිරවීම දක්ෂයන් තෝරා ලබා දෙන විදේශ පුහුණුවට වඩා වියදම් සහගතයි.මේ තත්ත්වය දේශපාලනික සහ ආර්ථික යථාර්තයේ සිට තේරුම් ගත යුතුයි.
මේ ඇත්තට අවංක නොවෙන තාක් කල් පවතින ක්‍රමවේදයන් ඇතුළෙ යා හැකි දුර කෙටියි.රටට කීර්තීය සහ ජයග්‍රහණ ගෙන ඒමට හැකි බිමක සාරංගි රඳවන්න අවශ්‍යයි.ඓතිහාසික ජයග්‍රහණ ලංකාවෙ මලල ක්‍රීඩාවට එක් කරපු සුසන්තිකා,මංජුල කුමාර,ඉන්දික විජේකෝන් මෙන්ම අද යුපුන් සහ උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංකත් සිය දක්ෂතා දක්වන්නෙ මීට වඩා ඉහළ පහසුකම් සහ අවස්ථා ඇති භූමියක ලැබුණ සහ ලැබෙන පුහුණුව නිසයි.මේ තත්ත්වයෙන් ලංකාවේ පුහුණුකරුවාගේ තත්ත්වය පහතට දැමීමක් සිඳු නොවන අතර දැණුමෙන්,පහසුකම්වලින් වඩාත් සන්නද්ධ පොළවක මඟ පෙන්වීම හැකි පරිදි ලබා දිමෙන් අපේ රටේ ජයග්‍රහණ ප්‍රමාණය ඉහළ නැඟෙනු ඇත.එවැනි තෝරා ගැනීමකදී සාරංගි ඉදිරියෙන්ම ඒ සඳහා අවස්ථාව ලැබිය යුතු ලේඛණයේ පෙරමුණෙ රැඳෙනු ඇත.හැබැයි පමාව පලක් නොදෙනු ඇත.ජාතික ක්‍රීඩා සභාවේ මලල ක්‍රීඩකයෙක් නොරැඳවීමේ අඩුව ඒ පිළිබඳව සොයා බලන ජුලියන් බෝලිංගෙන් මැකේනම් සාරංගි නුදුරේම රට සිට මෙරටට ජය සොයා දෙන්නියක් වනු ඇත.
මේක මලල ක්‍රීඩා සංගමය,ක්‍රීඩා අමාත්‍යංශය සහ මලල ක්‍රීඩා ප්‍රවීනයෙක්ගෙන් තොරව දුවන ජාතික ක්‍රීඩා සභාවත් තේරුම් ගන්න ඕනි ඇත්තක්.
”සාරංගිගේ හෙට ජයග්‍රහණවල පරිමාව තීරණය කරන්නේ රට”
RM