ඇමති ටිරාන්ගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්

Date:

ඇතැම් දේශපාලකයන් ජන කොටස් වල ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා තරයේ අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ වතුකරයේ ඇතිවූ සිද්ධියකට අදාළව පසුගියදා මහජන නියෝජිතයකු විසින් ජනතාව ප්‍රකෝප කරන ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි.

එවන් වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි වතුකරය ඇතුළු සමස්ත ජනතාවගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින බවයි අමාත්‍ය ටිරාන් අලස් මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...