එංගලන්ත ගමනේ සුක්කානම චමරිට

Date:

කාන්තා ක්‍රිකට් කේෂ්ත්‍රයේ දක්ෂතා අතින් මේ වන විට යම් ඉදිරිගාමී තත්ත්වයක් පෙන්නුම් කරන ශ්‍රි ලංකාව එංගලන්ත සංචාරයට පිටත්ව යාම සඳහා ද චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇත.උප නායකත්වය හිමි වී ඇතතේ ඕෂධී රණසිංහට ය.

හර්ෂිතා සමරවික්‍රම,විශ්මි ගුණරත්න.නිලක්ෂි ද සිල්වා,කවීශා දිල්හාරි,ඉනෝකා රණවීර,සුගන්ධිකා කුමාරි,අනුශ්කා සංජීවනී,උදේශිකා ප්‍රබෝධනී,අචිනි කෞශල්‍යා,කාව්‍යා කාවින්දි,ඉනෝෂි ප්‍රනාන්දු,හංසිමා කරුණාරත්න,හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානි මේ කණ්ඩායමට ඇතුළත් වන සෙසු ක්‍රීඩිකාවෝ වෙති.

නවසීලන්තයට එරෙහිව එක්දින පිටියේ වාර්තා කළ විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ එංගලන්ත සංචාරයට එක්වන ශ්‍රි ලංකාවට හමුවන්නේ විස්සයි විස්ස සහ එක්දින තරගාවලියක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයගෙන සිටින එංගලන්ත කණ්ඩායමක්ය.
ශ්‍රි ලංකාව සිය පළමු තරගය හැටියට විස්සයි විස්ස තරගයකට අගෝස්තු 31 මුහුණ දීමට නියමිතය.ඔවුන් සංචාරය නමි කරමින් අවසාන වරට සහභාගි වන්නේ සැප්තැම්බර් 14 වන දා පැවත්වෙන එක්දින තරගයටය.සමස්ත සංචාරයට විස්සයි විස්ස තරග 3 ක් සහ එක්දනි තරග 3 ක් ඇතුළත් වෙයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...