විශිෂ්ඨත්වයට පත් වූ සුරක්ෂිත මේරිගේ රන් දෑතට රන් අත් ආවරණ

Date:

එංගලන්තයට ලෝක කුසලාන බලාපොරොත්තුවලින් ඉතුරු වුයේ මේරි එර්ප්ස් ගේ සුපිරි දැල රැකීමට හිමි වූ රන් අත් ආවරණ (Golden Glove) ඇගයීම පමණි.අනු සූරියන් ලෙස ඔවුන්ගේ ගෙලට වැටුණු පදක්කම පවා ඔවුන්ට රිඳවන තත්ත්වයක් ඇති කළේය.ඒ තරමටම කුසලානයට ආසන්නව සිටි බව ඔවුන් විශ්වාස කළා පමණක් නොව ලෝකයද විශ්වාස කරද්දී ඒ සියල්ල කණපිට පෙරලීමට ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගය පුරා එංගලන්ත ක්‍රීඩිකාවෝ සිය කදවුර ආරක්ෂා කරන්නට ශාන්තමය ස්වරූපයකින් හැසිරුණු අතර ස්පාඤ්ඤය ප්‍රවේගකාරී ආක්‍රමණය එක තත්පරයකට හෝ වෙනස් නොකළේය.ස්පාඤ්ඤය එංගලන්ත දැලට රිංගීම පහසු නැති බව දැනගෙන සිටියේය.ඒ මේරි එපර්ස් නිසාය.ඇය ඉකුත් වසරේදී ෆිෆා සම්මාන උළෙලේදී ද ලොව හොදම දැල් රකින්නිය හැටියට ඇගයීම් ලද්දාය.

මේරි අවසන් තරගයේ දී රැකගත් විශිෂ්ඨ දඩුවම් පහර


ඒ ආකාරයට 2016 සිට මෙවර ලෝක කුසලානයේ හොඳම දැල් රකින්නිය ලෙස රන් අත් ආවරණ සම්මානය ලැබෙන තෙක්ම ඇය දැල රැකීමේ විශිෂ්ඨත්වයට පාත්‍ර වී ඇති අවස්ථා හයකි.ඒ අතරින් FIFA දැල් රකින්නිය ලෙස 2022 වසරේදී ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ දැල රකින්නිය වීම ද ඇයගේ විශිෂ්ඨත්වය සනාත කරන හොඳම සංඛෙිතය.ලෝකයේම හොදම දැල් රකින්නියි ලෙස ඇය සිය හැකියාවෙන් ලබා දෙන දායකත්වයට කණ්ඩායමේ ආරක්ෂක පෙළ කෙතරම් සහයෝගයක් දුන්නා ද යන්න අවසාන තරගයේදී ගැටළුකාරී විය.ඇයට සමීප වීමට තරම් දුරක් නොතබා ස්පාඤ්ඤ නායිකා ඔල්ගා කාර්මෝනා එල්ල කළ ගෝලයේ දී මේරි ට සහයට එංගලන්ත ආරක්ෂක පෙළ ආසන්නයේ නොසිටියේ ය.


තිස් හැවිරිදි ඔල්ගා වඩාත්ම මේ තරගාවලියේ දී අවධානයට පත් වූ කාරණය වූයේ අවසාන තරගයේදී ස්පාඤ්ඤයේ ජෙනිෆර් හෝර්මෝසස් එල්ල කළ ගෝලය ආවරණය ය.අවසන් තරගයක දැල ආදන්නයේ එල්ල වෙන දඬුවම් පහරක් නිසි ලෙස එල්ලවන දිසාව හඳුනාගැනීමද පහසු නැති වුව ද,මේරි නිසි දෙසට යොමු වෙමින් පන්දුව සුරක්ෂිතව රැක ගැනීම විශ්මය දනවන හැකියාවක්ය.
අවසන් තරගයේ පළමු අර්ධයේදී එංගලන්තය බෙහෙවින් පසු බා සිටිය බව එංගලන්ත නාය්කාවම පිළිගන්නීය.එය ලෝක කුසලාන තරගාවලියේ වඩාත් කතාබහට ලක් වූ පුහුණුකාරිය බවට පත් වූ සරීනා වෙයිග්මන් ද පිළිගන්නීය.නමුත් ඔවුන් දැඬිව අවධාරණය කරන කාරණය වන්නේ ඒ සියලු අසාර්ථකවීම් මැද මේරි සාර්ථකව සිටි එකම එංගලන්ත ක්‍රීඩිකාව බවය.


එංගලන්ත නායිකා මිලී බ්‍රයිග්ට් ඇයගේ දක්ෂතාවය ගැන මෙන්ම ඇයගේ කන්ඩායම් හැඟීම ගැන ද පැවසුවාය.ඒ ඇය ඇඳහිය නොහැකි දැල රකින්නියක් මෙන්ම ඇය ඇදහිය නොහැකි කණ්ඩායම් සඟයෙක් බව ද පවසමින්ය.
එසේම මේ තරගයේ දී අපට ඇහැට හුරු හිතට දැනෙන ඇත්ත ඇතුළේ ස්ත්‍රි පුරුෂ භාවය වෙනස් කොට ඇගයීම නොකළ යුතු වුව ද, එංගලන්ත කණ්ඩායමේ තිබුණු යම් ආකාරයක කාන්තා ලාලිත්‍යය වෙනුවට ස්පාඤ්ඤයෙන් ප්‍රදර්ශනය වූයේ දැඩි බවක්ය.නැත්නම් රළුවට කීවොත් යම් ආකාරයක පිරිමිකමක්ය.සරීනගෙන් එංගලන්තයට ලැබුණු ගැහුණුකම ස්පාඤ්ඤයට රෝජාගෙන් ලැබුණ පිරිමිකම ද යන අනන්‍යතාවය සම්බන්ධ පෙණුමද මේ තරගයේ අවසන් තීරණයට බල පෑ බවට කවුරුන් හෝ තර්ක කළහොත් එය ද පහසුවෙන් ප්‍රතික්ෂේප කරන්නට නොහැකිය.
කෙසේ හෝ කිසිම වෙනස් ස්වභාවයකට වෙනස් ලෙස දැකිය නොහැකි ලෙස සවිමත් බව ප්‍රදර්ශණය කළ මේරිගේ දැල රැකීම වෙනස්ම විශිෂ්ඨත්වයකි.එයට ඇයට ලැබිය යුතු ඉහළම අගය ලැබිණ.නමුත් ඒ අගය රටටම දෙන්න සියල්ලෝම මේරි මෙන් අවසන් තරගයේදී ද තමන්ගේ විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කළානම් මේරි රන් අත් ආවරණ ලැබුණාට වඩා තව බොහෝ සෙයින් සතුටුවන බව සහතිකය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ගත් අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...