වනිඳුට ඩොලර් මිලියනයක වටිනාකමක්

Date:

ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (12) ආරම්භ විය. 2022 සහ 2023 තරගාවලි සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වේ.

ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ඉදිරිපත් වූ අතර ඔහුගේ මූලික වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 02 ක් විය.

වනිඳු සිය කණ්ඩායමට හිමිකර ගැනීම සඳහා කණ්ඩායම් හිමිකරුවන් අතර විශාල තරගයක් ඇති වූ අතර මේ නිසා වනිඳුගේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 10 ද ඉක්මවා ගියේය. අවසානයේදී බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම ඔහු වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 10.75 ක මිලක් නියම කළ අතර අනෙක් කණ්ඩායම් ඊට වඩා ඉහළ මිලක් ඉදිරිපත් නොකළ හෙයින් වනිඳු සිය කණ්ඩායමට එකතු කර ගැනීමට බැංගලෝර් කණ්ඩායම් හිමිකරුවන්ට හැකි විය.

මෙම මුදල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.4 කට ආසන්න මුදලකි. IPL වෙන්දේසියකදී ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් නියම වූ ඉහළම මිලද මෙම මුදල වේ.

ලසිත් මාලිංගගෙන් පසුව ඉන්දියානු ප්‍රීමියර් ලීගය තුළ වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන වනිඳු හසරංග මේ වනවිට 20/20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටී.

ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩකයන් 15 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයන් 09 දෙනෙකු ඇමරිකානු ඩොලර් මිලියනය ඉක්මවන වටිනාකමකට අලෙවි විය.

ක්‍රීඩක වෙන්දේසිය අද දිනයේදීද පැවැත්වෙන අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැසක් වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...