ඇසළ පෙරහැර මංගල්‍යෙය් අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රී වීදි සංචාරයට එක්වේ.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරය
කිරීම අද (25) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතය.
රාත්‍රී හත පසුවී මිනිත්තු දෙකට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන
සිව්මහා දේවාල පෙරහැර සමඟින් පිටත්වන ඇසළ පෙරහැර දළදා වීදිය,
යටිනුවර වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත
ගෙවැදීම සිදුවේ.

ඇසළ පෙරහැරේ සිව්වන කුඹල් පෙරහැර ඊයේ (24) වීදි සංචාරය කළ අතර එහිදී
සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ කැලණිය රජ මහ විහාරයට
අයත් කණ්ඩුල ඇතු විසින්. එම ඇතු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ
සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන පළමු අවස්ථාව මෙය වේ.
මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ
මහතා ඇසළ පෙරහැරෙහි ගමන් ගත් අතර දියවඩන නිලමේවරයා නියෝජනය
කරමින් ඒ මහතා ගමන් කළ පළමු අවස්ථාව ද මෙය වේ.

පෙරහැර නැරඹීම සඳහා අද දිනයේද විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගීව සිටි
අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂීත වැඩපිළිවෙලක් මෙම
කාලය තුළ සිදුවේ. පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස ගොඩනැගිලි හා
මහජනයා පරීක්ෂා කිරීම් ඇතුලුව ආරක්ෂිත වැඩසටහන් රැසක් ආරක්ෂක
අංශවල මැදිහත්වීම මත මෙම කාලය තුළ සිදුකෙරේ.
පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේ දී මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන
සැලැස්මක් ද ක්‍රියාත්මකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...