ළමා මනසේ සතුරා ජංගම දුරකථනයයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ ,  ජංගම දුරකතන සහ අන්තර්ජාල ක්‍රියාකාරම් සඳහා ඇබ්බැහිවීම තුළින් දරුවන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් මතුවී ඇති බවයි.

දරුවන් පමණ ඉක්මවා එම උපාංග භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද මනෝ වෛද්‍යවරයා දැඩිව අවධාරණය කරයි.

වැඩිදුරටත්  වෛද්‍යවරයා සදහන් කළේ,

“මේ ඇබ්බැහිවීම් තුළින් මුලින්ම වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල්වීම. ඊට පසු අන්තර්ජාලය තුළම සැරිසරන්නට මේ අයට හිතෙනවා. ඉන් අනතුරුව වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වෙනවා. මේක බරපතළ තත්ත්වයක් වගේම මානසික රෝගයක් කියලා අද වනවිට හඳුනාගෙන තිබෙනවා. දෙමව්පියන්ව සතුරන් හැටියට දකින්න පුළුවන්.”

ලෙස මනෝ වෛද්‍යවරයා පැවසීය .

අද වනවිට දරුවන් විශාල ලෙස ඇබ්බැහි වී සිටින මෙම ජංගම දුරකථන සහ ඒහා බැඳුණු ගේම්, කාටූන් සහ අනෙකුත් දෑ හේතුවෙන් ළමා මනස දැඩි ලෙස විකෘති වී ඇත. එහි බලපෑම දිගුකාලීන වන අතර අවසානයේ දෙමාපියන් හා ගුරුවරුන් අභිබවා යන තැනට පත්ව ඇත.

එහි ප්‍රථිඵල මේ වනවිටත් ලැබෙමින් පවතින බව පසුගිය දින කීපය පුරා දක්නට ලැබිණි. දරුවන් අසැභි දේ උකහා ගන්නේ තමා නිරන්තරයෙන් ඒහා සම්භන්ධ දෑ දකින්නේනම්, ඇසෙන්නේ නම් පමණි. මන්ද ළමා මනස ඉතා පිරිසිදු දිය උල්පතක් වැනිය. එය අපිරිසිදු දිය බඳුනක් බවට පත් කරන්නේ වැඩිහිටියන් වන අපම බව අකමැත්තෙන් හෝ පිළිගත යුතුය.

දරුවන්ගේ මනස නසන, මල්වැනි දරුවන්ගේ ළමා කාලය කා දමන වසංගතයේ පළමු වැන්න ජංගම දුරකථනය  බව සිතට ගන්න. වැඩිහිටියන් වැඩිහිටියන්ගේ කාර්‍යභාරය හරිහැටි ඉටු කරන්නේ නම් අද සිට හෝ මේ දුරකථන වසංගතයෙන් තම දරුවා ගලවා ගත හැක. නොසැලකිලිමත් කම ඔබත් දරුවාත් සදාකාලික මානසික පසුතැවෙන්නන් බවට පත් කරනු ඇත.

තම දරුවන්ගේ ආරක්ෂාව , ඔවුන්ගේ රැකවරණය රැදී පවතින්නේ දෙමාපියන් තුළය. අනෙකාට ඇඟිල්ල දිගු කිරීමට පෙර සියල්ලම වෙනස් කළ හැක්කේ තම සොඳුරු නිවහන තුළින් බව සිතට ගත යුතුය.

දරුවා මිනිසකු වන්නේත් යක්ෂයකු වන්නේත් අපගේම හැසිරීම් රටාවෙන් බව කිව යුතුය. ඔවුන්ට අධ්‍යාපනයේ නිවැරදි මාවත පෙන්වීම පාසල තුළින් සාර්ථක ලෙස සිදුවන අතර දෙමාපියන්ගේ වගකීම වන්නේ දරුවන්ගේ අධ්‍යාත්මික ආරෝපණය වර්ධනය කිරීමයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...