*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ධර්මානුකූල සමාජයක් බිහි කිරීමට නම් මුලින්ම මේ කුණු දේශපාලනයෙන් රට මුදා ගන්න වෙනවා!

කොළඹ LNW:ධර්මානුකූල සමාජයක් බිහි කිරීමට නම්, බුදුදහම රකින සමාජයක් බිහි කිරීමට නම් පළමුවෙන්ම මේ කුණු දේශපාලනයෙන් රට මුදා ගත යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ නායක මහාචාර්ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ පවසති.

රට වැටී තිබෙන අගාධයෙන් බේරා ගැනීමට, මහජනතාව මේ විපතෙන් බේරා ගැනීමට මෙරට බහුතරයක් භික්ෂූන් වහන්සේලා තමන්වහන්සේගේ කාර්යභාරය ඉටුකිරීමට මැදිහත් වීමට අධිෂ්ඨන කර ගෙන තිබෙන බවයි උන්වහන්සේ පවසන්නේ.

රටේ මහජනතාව අපේක්ෂා කරන වෙනස මේ රටේ ඇති කිරිම සඳහා භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය වටහාගෙන ඉහගම රතනපාල, කුඩාපොල ස්වාමීන් වහන්සේලාගෙ පරපුරෙන් පැවත එන භික්ෂූන් වහන්සේ පිරිසක් සිටින බව ද උන්වහන්සේ ප්‍රකාශ කරති.

රට මුදා ගැනීමේ කාර්යය සඳහා භික්ෂූන් වහන්සේලා මේ තත්වය වෙනස් කිරීමට මැදිහත් වෙයි කියා දැඩි භීතියකින් පාලක පන්තිය පෙළෙන අතර අද භික්ෂූන් වහන්සේලා සමාජයේ දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කරති.

”මෙවැනි තත්වයන් නිර්මාණය කරන්නේ පාලක පංතියේම අයමයි. මේ තත්ත්වය වෙනස් කිරීමට හික්ෂූ අපගේ නිවැරදි භාවිතය සමාජයට ඔප්පු කර පෙන්වා දිය යුතුයි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය භික්ෂුවකට ක්‍රියාත්මක කිරීමට බැරි මට්ටමකට මේ සමාජයේ තත්වය වෙනස් කර තිබෙනවා. මුදල සහ ලිංගිකත්වය මිනිසාගේ ආගම බවට පත්වෙමින් තිබෙයි කියා මීට වසර ගණනාවකට පෙර සමාජ විද්‍යාඥයන් සඳහන් කර තිබෙනවා. අද එය මොනතරම් දරුණු මට්ටමකට ක්‍රියාත්මක වෙනවාද කියා අපට පෙනෙනවා. මුදලට ගොදුරු වුණු, ලාභයට ගොදුරු වුණු භික්ෂුන් වහන්සේලා විසින් මේ සිදුකරන ක්‍රියාකාරිත්වය මේ භික්ෂු සමාජය දුර්වල කිරීමට හේතුවී තිබෙනවා. බුදුන් වහන්සේ ‘දාරුණෝ භික්ඛවේ ලාභ සත්කාර සිලෝකෝ’ ලාභ සත්කාර හරිම දරුණුයි කියා දේශනා කර තිබෙනවා. ඒ කුණු වුණු දේශපාලනය සිවුරෙන් වහන්න දරන උත්සාහය නිසා භික්ෂූන් වහන්සේගේ චරිතයට බරපතළ හානි සිදුවී තිබෙනවා.

කුඩාපොල භික්ෂුන් වහන්සේලාගේ, මිගෙට්ටුවත්තේ භික්ෂූන් පරපුරේ, ඉහගම රතනපාල භික්ෂූන් පරපුරේ අය හැටියට මේ රට මේ ඛේදජනක තත්ත්වයෙන් නිදහස් කිරීමට අදාළ කාර්යභාරය ඉටුකරන හැටියට අපි ආරාධනා කරනවා. ධර්මානුකූල සමාජයක් බිහි කිරීමට නම්, බුදුදහම රකින සමාජයක් බිහි කිරීමට නම් පළමුවෙන්ම මේ කුණු දේශපාලනයෙන් රට මුදා ගත යුතුයි. මීට අවුරුදු 150කට කලින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි තනිවම පාරට බැහැලා, ජීවිත තර්ජන තිබෙන අවස්ථාවේ වෙස්වලාගෙන ගිහිල්ලා වාදවිවාදවලට ඉදිරිපත්වී තනිවම කළ සටන අපි අදත් අනුස්මරණය කරනවා. ඒ උන්වහන්සේ දෝෂාරෝපණය කළ නොහැකි ආත්ම පෞරුෂයක් ගොඩනගා ගත් නිසා.

ජාතික ජන බලවේගය ජාතික සමගිය, ආගමික සහජීවනය, මනුෂ්‍ය සමානාත්මව වැඩ කරන, පෙනී සිටින පක්ෂයක්. එතෙන්ට මේ රටම ගෙන යා යුතුයි. ජනවාර්ගික අර්බුද, ආගමික කෝලාහල, ඇති කරමින් මේ රට පසුගාමී තත්වයට ඇද දමන දේශපාලන පක්ෂ විසින් කරන වැඩ නැවැත්විය යුතුයි.

බුදුන් වහන්සේ දස මර සේනා ගැන සුත්ත නිපාතයෙන් ඉදිරිපත් කළා. මිථ්‍යාවෙන්, බොරුවෙන් ලබන කීර්තිය මාර සේනාවක් ලෙසට දක්වා තිබෙනවා. මේවාට ගොදුරු වුණු මාර සේනාව මෙන් රටත්, සමාජයත් අනතුරේ හෙළන භික්ෂු කණ්ඩායම් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ වගේම තමන් හරි අනෙක් සියලු දෙනාම වැරදියි කියන අය සමාජයේ තැනින් තැන මතුවෙමින් තිබෙනවා. ඒ අය සර්වබලධාරී විදිහට දේශනා කරනවා. ඒ නිසා ධර්මය විකෘති කිරීම හා සංඝ ශාසනයට අවලාද නැගීම නතර කිරීමට පිළියම ජනතාවගේ රජයක් ඇති කිරීමයි. තමන්ගේ ප්‍රතිපත්ති පුරාගෙන, කල්‍යාන මිත්‍ර භාවිතයෙන්, ජනතාවට අනුශාසනා කරගෙන, යහපත් සුඛිත මුදිත රාජ්‍යයක පුරවැසියන් හැටියට වැඩ කරන්න පුළුවන්. එවැනි පාලනයක් යටතේ ස්වාමීන් වහන්සේලාට නිදහසේ වැඩකළ හැකි කාලවකවානුවක් එනවා. තම හිතවත් පාක්ෂිකයන්ට පමණක් නොව, රටේ සියලුම පුරවැසියන්ට රැකියා දෙන, සියලු දෙනාට යහපත සැලසෙන, පාලනයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අනෙක් අය දැනුවත් කරමින්, උත්සාහ අත් නොහැර, ජයග්‍රහණය දක්වා මේ ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වාගෙන යන හැටියට ආරාධනා කරනවා.” යැයි උන්වහන්සේ කියාසිටිති.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan