ලබන සතියේ ආණ්ඩු පක්ෂයට විදෙස් ගමන් බෑ !

සැප්තැම්බර් 05, 06, 07, 08 යන පාර්ලිමේන්තු සතියේදී විදෙස් ගමන්වලින් වැළකී කොළඹ රැඳී සිටින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව එම සතියේදී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත හෙයින් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා ඊයේ (28) පැවති කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

RN