දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/29

  1. වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් 24 දෙනෙකුට කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ: කෙසේවෙතත්, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම, සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාර අරමුදලේ සාමාජික ශේෂ කප්පාදු කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත මුහුණ දීමට සිදුව තිබෙන දුෂ්කරතාවලට එරෙහිව කොටුව දුම්රියපල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.
  2. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කරමින් පාලමක් ඉදිකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ජනතා කැමැත්ත ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කාදිනල් රංජිත් හිමිපාණන් පවසති: ඉතිහාසය පුරාම විදේශිකයන්ට රට පාවා දුන්නේ පාලකයන් බව ද පවසති.
  3. 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම පවතින ආන්දෝලනයට අදාළව සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට කතෝලික සභාව රජයට අවස්ථාවක් ලබා නොදුන් බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් චෝදනා කරයි: රජය සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ දැවෙන ගැටළු පිළිබඳව අවංකව සාකච්ඡා කරනු වෙනුවට කතෝලික සභාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද පවසයි.
  4. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා යෝජිත වෝහාරික විගණනය හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නොමැති ව වුවද පැවැත්විය හැකි බව එම සංස්ථාවේ සභාපති උවායිස් මොහොමඩ් පවසයි: විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වෝහාරික විගණනය සිදු කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෞද්ගලික ආයතනයක් තෝරාගෙන ඇති බව ද පවසයි.
  5. “ඇස්වසුම” ප්‍රතිලාභීන් 800,000 කට සහන සැලසීම සඳහා භාණ්ඩාගාරය විසින් රු. බිලියන 5ක මුදලක් බැංකු වෙත මුදා හැර ඇති අතර, එම මුදල් ඉදිරි දින දෙක තුළ අදාළ ගිණුම් වෙත යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි:
  6. ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධානවලට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
  7. තම විදෙස් සංචාර සඳහා ව්‍යාපාරික (Business) පන්තියේ වෙනුවට ආර්ථික (Economy) පන්තියේ ගමන් කරන මෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත්කළ නියෝගය රජයේ නිලධාරීන් 20 දෙනෙකු පමණ කඩකර ඇති බව වාර්තා වේ: ගාස්තු වෙනස රජයේ මුදල්වලින් ඉවත් වී තිබේ නම් එම ප්‍රතිපූරණය යළි ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර චක්‍රලේඛයක් නුදුරේදී ම නිකුත් කිරීමට නියමිතය: රාජ්‍ය වියදම් කපා හැරීම සඳහා මුල් චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ මීට මාස 04 කට ඉහත දී ය.
  8. අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා කාලසීමාව තුළ සූර්යයා ශ්‍රී ලංකාවේ අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
  9. පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන හෝ ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: පිරමිඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීමට එරෙහිව මහ බැංකුව විසින් ද ජනතාවට අනතුරු අඟවන අතර, එය දඬුවම් ලැබිය හැකි වරදක් බව අවධාරණය කරයි.
  10. ජාත්‍යන්තර පාපන්දු කවුන්සිලය (FIFA) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පැනවූ අත්හිටුවීම ඉවත් කරයි: එහෙත් 2023 සැප්තැම්බර් 29 වන දින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණය පවත්වන තුරු තත්ත්වය නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...