ගැබොන් සොල්දාදුවන් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කර බලය අල්ලා ගනී

Date:

ගැබොන්හි ජනාධිපති අලි බොන්ගෝ ඔන්ඩිම්බා 64.27%ක ජන්ද ප්‍රතිපලයක් ලබා ගනිමින් තුන්වන වාරයක් සඳහා යලි තේරී පත් වූ බවට ජාතික මැතිවරණ අධිකාරිය විසින් ඊයේ(29)දිනයේදී ප්‍රකාශ කිරීමත් සමඟ ජ්‍යෙෂ්ඨ ගැබෝන් හමුදා නිලධාරීන් පිරිසක් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින්ප්‍රකාශ කර තිබුණේ, මැතිවරණ ප්‍රතිඵල අවලංගු කළ බවත්, නැවත දැනුම් දෙන තුරු සියලු දේශසීමා වසා දැමූ බවත්, ආන්ඩුව, සෙනෙට් සභාව, ජාතික සභාව, ව්‍යවස්ථාපිත අධිකරණය සහ මැතිවරණ ආයතනය යන රාජ්‍ය ආයතන විසුරුවා හැර ඇති බවත්, වර්තමාන පාලනයට තිත තැබීමෙන් සාමය ආරක්ෂා කිරීමට තීරණය කළ බවත්ය.

පසුගිය සෙනසුරාදා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන විට අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි ජනාධිපති අලි බොන්ගෝ ඔන්ඩිම්බා පිළිබඳව තොරතුරු වාර්තා නොවන අතර මේ සම්බන්ධයෙන් රොයිටර් සහ AFP ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර තිබුණේ, ලිබ්‍රෙවිල් අගනුවර වෙඩි හඬ ඇසෙන බවයි.

ගැබොන් සොල්දාදුවන් විසින් රාජ්‍ය බලය පැහැර ගැනීම 2020 සිට බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ අටවැනි කුමන්ත්‍රණය වන අතර මාලි, ගිනියාව, බුර්කිනා ෆාසෝ, චැඩ් සහ නයිජර් හි කුමන්ත්‍රණ මෑත වසරවල වඩාත් සාකච්ජාවට බඳුන් විය.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...