ගැබොන් සොල්දාදුවන් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කර බලය අල්ලා ගනී

ගැබොන්හි ජනාධිපති අලි බොන්ගෝ ඔන්ඩිම්බා 64.27%ක ජන්ද ප්‍රතිපලයක් ලබා ගනිමින් තුන්වන වාරයක් සඳහා යලි තේරී පත් වූ බවට ජාතික මැතිවරණ අධිකාරිය විසින් ඊයේ(29)දිනයේදී ප්‍රකාශ කිරීමත් සමඟ ජ්‍යෙෂ්ඨ ගැබෝන් හමුදා නිලධාරීන් පිරිසක් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින්ප්‍රකාශ කර තිබුණේ, මැතිවරණ ප්‍රතිඵල අවලංගු කළ බවත්, නැවත දැනුම් දෙන තුරු සියලු දේශසීමා වසා දැමූ බවත්, ආන්ඩුව, සෙනෙට් සභාව, ජාතික සභාව, ව්‍යවස්ථාපිත අධිකරණය සහ මැතිවරණ ආයතනය යන රාජ්‍ය ආයතන විසුරුවා හැර ඇති බවත්, වර්තමාන පාලනයට තිත තැබීමෙන් සාමය ආරක්ෂා කිරීමට තීරණය කළ බවත්ය.

පසුගිය සෙනසුරාදා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන විට අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි ජනාධිපති අලි බොන්ගෝ ඔන්ඩිම්බා පිළිබඳව තොරතුරු වාර්තා නොවන අතර මේ සම්බන්ධයෙන් රොයිටර් සහ AFP ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර තිබුණේ, ලිබ්‍රෙවිල් අගනුවර වෙඩි හඬ ඇසෙන බවයි.

ගැබොන් සොල්දාදුවන් විසින් රාජ්‍ය බලය පැහැර ගැනීම 2020 සිට බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ අටවැනි කුමන්ත්‍රණය වන අතර මාලි, ගිනියාව, බුර්කිනා ෆාසෝ, චැඩ් සහ නයිජර් හි කුමන්ත්‍රණ මෑත වසරවල වඩාත් සාකච්ජාවට බඳුන් විය.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...