අදත් දුම්රිය අනතුරක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දකුණු කළුතර සිට මරදාන දක්වා ගමන් ගත් මන්දගාමී දුම්රියක වෑන් රථයක් ගැටී ඇත්තේ වාද්දුව, තල්පිටිය, රත්නායක පාරේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කළ අවස්ථාවේදී බව වාර්තා වේ. එම සිදුවු අනතුරින් වෑන් රථය දුම්රියේ එංජිම කොටසේ සිරවී තිබේ. ඉන් තරුණියක් තුවාල ලබා ඇති අතර , වෑන් රථයේ දකුණු පස සිටි පිරිමි පුද්ගලයාව ප්‍රදේශවාසීන් සුරක්ෂිතව බේරාගෙන ඇත.

වම්පස සිටි කාන්තාව පැයකට ආසන්න කාලයක් දුම්රිය හා වෑන් රථය අතර සිරවී සිටි බවත් , ප්‍රදේශවාසීන් සහ කළුතර නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය පැමිණ මහත් වෙහෙසක් දරා සිරවී සිටි කාන්තාව බේරාගැනීමට කටයුතු කර ඇත.

අනතුරුව ,ඇයව ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරින් ඇයගේ පාදයකට තුවාල සිදුව තිබු බව වාර්තා වේ. වෑන් රථයේ සිටි තරුණ යුවළ පෙම්වතුන් බවත් ඔවුන් කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් තොරතුරු හෙලිවී තිබූ අතර ,අනතුරින් දුම්රියේ ඉදිරිපසට හානි සිදුව ඇති අතර, වෑන් රථය සම්පුර්ණයෙන් විනාශ වී ඇත.

මෙම අනතුර පිළිබඳ පරීක්ෂණ කටයුතු වාද්දූව පොලීසියේ දුම්රිය ආරක්ෂක අංශය ආරම්භ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...