ත්‍රස්ත විරෝධී පනත යළි එයි!

කොළඹ LNW:ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා දැනට හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් අදාළ පනත නැවත සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

දැනට බලාත්මක 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කරමින් ත්‍රස්ත විරෝධී පනත හඳුන්වාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා 2023-02-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණි.

පසුව රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද එකී පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පාර්ශ්වයන් ගණනාවක් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිළි නිසා එම පනත් කෙටුම්පත හකුළා ගැනුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...