ඉඩාලියා සුළි කුණාටුව හේතුවෙන් තිදෙනෙකු මරුට

ඊයේ(30 )උදෑසන ෆ්ලොරිඩා වෙරළ තීරයට කඩා වැදුණු ඉඩාලියා සුළි කුණාටුව හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ.

ෆ්ලොරිඩා,පැස්කෝ හා ජෝර්ජියා යන ප්‍රාන්ත වලින් මෙම මරණ වාර්තා වී ඇති අතර මරණ සියල්ල වර්ෂාව හේතුවෙන් සිදු වූ බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉඩාලියා සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ භයානක සුළි කුණාටුවක් වශයෙන් හදුන්වන අතර ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා සහ උතුරු කැරොලිනා හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Jamie Rhome විස්තර කර තිබුණේ, පැයට කිලෝමීටර් 201 (පැයට සැතපුම් 125)ක් වේගයෙන් හමන සුළඟ, මුහුදු රළ ඉහල යාම, ගංවතුර හා ටොනේඩෝ පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති බවයි.

ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ප්‍රකාශ කර තිබුණේ අධික සුළං හේතුවෙන් විදුලි රැහැන් බිඳ වැටීම නිසා 250,000 ක් පමණ විදුලිය රහිතව සිටින බවයි.

හදිසි කළමනාකරණය පිළිබඳ ෆ්ලොරිඩා අංශයේ කෙවින් ගුත්‍රි පැවසා තිබුණේ, ඉඩාලියා සුළි කුණාටුවෙන් පසු සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ නිලධාරීන් 75%ක වපසරියක සෝදිසි කිරීම් කළමුත් අතිරේක මරණ කිසිවක් වාර්තා නොවූ බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...