ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ IOC සමාගම කටයුතු කිරීමත් බස් ගාස්තු ද ඉහළ දැමීමට බොහෝදුරට සිදුවනු ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ ආරංචිමාර්ග පවසයි.
බස් ගාස්තු සංශෝධන ක්‍රමවේදයට අනුව ඉන්ධන මිල වැඩිවීම 4% කට වැඩිනම් බස් ගාස්තු ද වැඩිකිරීමට සිදුවේ.
ඒ අනුව බස් ගාස්තු වැඩිකිරීමක් සිදුවන්නේද, නැද්ද යන්න පිළිබඳව අද (01) පස්වරුවේ ජාතික ගමනාගමන කොමිසම විසින් නිවේදනය කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
RN