ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සාධාරණ ලෙස පැවැත්වීම සඳහා සියලු විධි විධාන යොදා තිබියදී සුළු පිරිසක් විසින් එය වළක්වා මෙරට පාපන්දු ක්‍රීඩාව යළි තහනමකට ලක් කිරීමේ කුමන්ත්‍රණයක් දැන් ක්‍රියාත්මක කරමින් පවතින බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා කොළඹ දී සැප්තැම්බර් (01 වැනිදා ) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කරනවා.එය එක්තරා ආකාරයක අප විසින් මීට පෙර උදා වී ඇත්තේ අවුරුද්ද නොව නොනගතය බව කරන ලද සටහනේදී මතු කරන ලද කරුණට සමානයි.
එම මාධ්‍ය හමුව සඳහා ජස්වර් උමාර් පාර්ශවයෙන් උප සභාපති ධූර අපේක්ෂකයෙකු ලෙස තරග කරන දොස්තර මනිල් ප්‍රනාන්දු සහ අනුරාධපුර ලීගයේ හිටපු සභාපති සාගර පියතිලක මහතා ද එක්ව සිටියහ.
අතර මාස 7 කට වැඩි කාලයක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් තහනම් කර තිබුණු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණ ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත මොහොතක මෙවැනි තත්ත්වයන් ගැන අදහස් මතුවීම ශ්‍රී ලංකාවේ පාපන්දුවට සීමා නොවුණු සියලු ක්‍රීඩා අතර ඇති කල්ලිවාදී බල අරගලය පිළිබිඹු කරන්නකි.එවැනි තත්ත්වයන් තුළ තමන්ගේ බලයට පසුව ක්‍රීඩාව හමුවීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ අන්නතියට ඇති විශාලම බාධාව වන්නේය
නිලවරණය පැවත්වීම වෙනුවෙන් සහ ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරුවන් දෙදෙනකු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළත් ත්‍රිපුද්ගල ස්වාධීන පුද්ගල නිලවරණ කමිටුවක් මගින් නාමයෝජනා කැඳවා අදාල නිලවරණය පැවැත්වීමට විධිවිධාන යොදා තිබියදී
නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පිරිසක් සහ අරගලකරුවන් යයි හඳුන්වා ගන්නා පිරිසක් පාපන්දු නිලවරණයට එරෙහිව විවිධ චෝදනා නගමින් මහජන විරෝධයක් ගොඩ නගා පාපන්දු නිලවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවද හිටපු සභාපති ජස්වර් උමාර් මහතා එහිදී කීය. ඔහු එහිදී කරන දරුණුම චෝදනාව වන්නේ ඔහුගෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයයි.
“පසුගියදා අරගල භූමියේ සිටි ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා.ජන්දය දිනවලා දෙන්න ලක්ෂ 30 ක බජට් එකක් දුන්නා.මම ඒවා ප්‍රතික්ෂේප කළා.ඊට පස්සේ ලක්ෂ 30 ලක්ෂ 6 ට කරමු කිව්වා.ඊට පස්සේ හදිස්සියක් කියලා රුපියල් 20,000 ක් එයාගේ බැංකු ගිණුමට දාන්න කියලා කිව්වා.බිරිඳගේ වාණිජ බැංකුවක ගිණුම් අංකයකුත් මට එවලා තිබුණා.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා.ඒ වගේම නීති උපදෙස් බලාපොරොත්තු වෙනවා.”
ජස්වර් සමඟ මෙම අවස්ථාවට එක් වූ පාපන්දු උප සභාපති ධූර අපේක්ෂක මනිල් ප්‍රනාන්දු “අපි කවුරුත් දන්නවා මේ පාපන්දු තහනමෙන් මිදෙන්න අපි කළ කැප කිරීම්.අපි යළි බලයට එන්නෙ ඉදිරි වසර හතර තුළ පාපන්දුවට සේවය කිරීමටයි.පහුගිය කුණු අවුස්සන්න අපට වෙලාවක් නැහැ.අපි බලන්නෙ මේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉදිරියට කරන්න පුළුවන් පුලුවන් මොනවද කියලයි.ලීග තුනෙන් දෙකකටත් වැඩි බලය අපට තිබෙනවා.ලීග සංඛ්‍යාව ලෙස ගත්තොත් 58ක්.ඒත් ප්‍රතිවාදී පාර්ශවයට නාමයෝජනා දෙන්නවත් පිරිස් සොයා ගන්න බැරි වුණා. යනුවෙන් සංඛ්‍යාත්මක ගුණය පිළිබද කරන ලද ප්‍රකාශයද පැහැදිළි කරන්නේ පොදු පාපන්දුව ගැන අදහස වෙනුවට වැඩි පාපන්දුව ගැන අදහසයි.
මේ සාකච්ඡාවේ දිගුව නැවත වැටෙන්නේ පාපන්දුවේ බලය සම්බන්ධයෙන් කල්ලි දෙකක අරගලයක් ලෙස යන්න අපේ නිර්වචනයයි.නිලවරණය විසින් දෙනු ලබන තීරණය කුමක් වුව මේ සියල්ල ප්‍රතිවාදීන් නොවන පාපන්දු හිතවාදීන් වන සංස්කෘතියක් මේ පොළවේ ඇතිවන තුරු ජාත්‍යන්තර සම්මේලනයට,රටේ ක්‍රියාත්මක නීතියට පා පහර දී එළැවිය හැකි තැනෙක ලාංකේය පාපන්දුව තබා තිබෙන බව අපට අමතක කළ නොහැකියි.
නිලවරණය ජයගැනීම,පරාජයවීම,නිලවරණ සමය තුළ එදිරිවාදීන් වීම නිලවරණයෙන් පසු නවතින බවක් මේ මොහොතේ පාපන්දුව දෙස බැලීමේදී දකින්නට අපහසුය.නිලවරණයෙන් පසු දින සිට ක්‍රියාකළ යුත්තේ ප්‍රතිවාදියා දුරස්ව තබා වැඩ කිරීමේ ශෛලියෙන් නොවේය.පාපන්දුවට සමීප විය හැකි දියුණු මාර්ග ප්‍රතිවාදිය වූ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම් හරහා වැටී ඇත්නම් ඒ දෑත්වල ශක්තිය සහ අදහස් ද පාපන්දුව ඉදරියට ගෙන යාමට අවශ්‍යය වන්නේය.
එවැනි දියුණු නැති ගෝත්‍රික තත්ත්වයක් තුළ පාපන්දුව තනි පුද්ගලයෙක්ගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ දියුණුවක් වීම මිස පාපන්දුවේ දියුණුවක් වීම කරා යාම දුෂ්කරය.රටක් හැටියට හෙට ලොවක් දිනන්නේ කෙසේද යන අභියෝගය වෙනුවට “මම පොරක් වීම” තුළ කණ්ඩායම් ක්‍රීඩාවේ අනන්‍යතාවය පිහිටන්නේ නැති බව අපි බෙදී සිටින සියලු පාපන්දු බලධාරීත්වය අපේක්ෂා කරන පිරිසට දැණුම් දෙන්නෙමු.
සටහන – නිෂ්මං රණසිංහ