මාර්තු 31 වැදගත් දෙයක් සිදු වීමට නියමිතයි – ජී. එල්.

Date:

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයේ ප්‍රතිප්ගලයක් ලෙස ඉන්දියාවෙන් යෝජනා වී තිබෙන ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 2.4ට අදාළ ගිවිසුම් සම්පූර්ණ කර ගැනීම සඳහා යළි ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවට යාමට සිදුවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීමට එම මුදල ඉන්දියාවෙන් ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර එළඹෙන මාර්තු 31 වැනිදින ඉතා වැදගත් සිදුවීමක් වීමට නියමිත බවද අමාත්‍යවරයා කියා සිටියි.

”අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 18 සිට 20 දක්වා ඉන්දියාවෙන් විදේශ ඇමතිතුමා ලංකාවට පැණෙයි කියලා. ඒ වගේම ඉතාම වැදගත් සිද්ධියක් සිදු වෙනවා මාර්තු 31 වෙනිදා. ඉන්ස්ටෙක් සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව කොළඹ පැවැත්වෙනවා. රටවල් 07 න් සමන්විත සංවිධානයක්. මෙම සංවිධානයේ සභාපතිධූරය දැනට දරන්නේ ශ්‍රි ලංකාවයි. ඒ රටවල් 07 ම නායකයින්ට ඉතාමත් සුහඳව ආරාධනා කරලා තිබෙනවා කොළඹට පැමිණෙන්න කියලා මේ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා.

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය පෙබරවාරි 28 ආරම්භ වනවා. ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් මානවහිමිකම් පිළිබඳ මහා කොමසාරිස් මිෂෙල් බැචලේ මැතිණියට ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව මාර්තු 03
දින සාකච්ඡාවට භාජනය වෙනවා. අපි මේ ජිනිවා සැසිවාරයට සහභාගි වන්නේ සාධාරණය ඉෂ්ටවෙයි කියලා විශාල විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇතිව. ශ්‍රී ලංකාව සමඟ සුහඳව මිත්‍රශීලි විදිහට වැඩකරන ජාත්‍යන්තරය සමඟ අපි වැඩ
කරන්න නිරන්තරයෙන් සූදානම්. ඒ ශෛලීය ඒ විදිහට වැඩ කිරීමෙන් තමයි මේ ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන් වන්නේ. මේ පණිවිඩය තමයි මූලික වශයෙන් 49 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ.”

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...