*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

රටට ආදරය කරන්න පටන් ගමු

දාර්ශනිකයකු හා කවියකු වූ ඛලීල් ජිබ්රාන් වරෙක මෙසේ කියා සිටී: “මම මගේ උපන් ගමට ආදරය කරමි. ඒ ඔස්සේ රටට ආදරය කරමි. රට යනු සොබා දහමයි. සොබා දහමට දේවත්වයෙන් සැලකිය යුතුය.” ‍සොබාදහම හා මනුෂ්‍ය සංහතිය පිළිබඳ මේ අපූරු ප්‍රකාශයෙන් ද ගම්‍ය වන්නේ ආදරය හා මිනිසාගේ පැවැත්ම අතර පවත්නා අත්‍යන්ත සම්බන්ධයයි. ලෝකය සුන්දර ස්ථානයක් බවට පත් කිරීමට නම් අප කොන්දේසි විරහිත ආදරයක් කරා ගමන් කළ යුතුය. එහි ඇත්තේ පරිත්‍යාගය, වින්දනය හා ළතෙත් බවය. ලෝකයේ අනාගත පැවැත්ම ද එයම වන්නේය.

ආදරවන්තයන්ගේ දිනය අදට යෙදී තිබේ. ලොව පුරා තරුණ තරුණියෝ මහත් උද්‍යෝගයෙන් එය සමරති. රෝස මල්, සුවඳ විලවුන්, ප්‍රනීත ආහාරපාන හුවමාරු වෙයි. ආකර්ෂණීය ගී වාදනය වෙයි. යෞවන යෞවනියෝ එකිනෙකාට තුරුලුව රංගනවල යෙදෙති. මේ වනාහි ස්වල්ප වූ කාලයකට සීමා වන ආදරයේ ප්‍රකාශනයකි. එහෙත් අපගේ සංවාදයට ලක් වන්නේ සදාකාලික ස්නේහයක අරුමැසියයි. ඊට සීමා මායිම් නැත. හුදු භේද නැත. විෂය ක්ෂේත්‍ර නැත. සියල්ලෝ සියල්ලන්ට ආදරය කරති. එම ආදරයෙන් ලේකය සාමකාමි සුන්දර ස්ථානයක් වනු දැකීම අපගේ උත්කෘෂ්ට ප්‍රාර්ථනයයි.

අපේ හෙළ සංස්කෘතිය ගොඩනැඟී ඇත්තේ ආදරය හා ගෞරවය මතය. වැඩිහිටියාට ගෞරව කිරීමටත්, ආදරය කිරීමටත් සැලැකීමටත් අපේ සංස්කෘතිය විසින් උගන්වනු ලැබේ. එම සංස්කෘතියෙන් පෝෂණය ලද දරුවා සමස්ත ලෝකයටම ළතෙත් ලෙස සැලැකීමට ‍ෙයාමු වෙයි. වැඩිහිටියා දරු පරම්පරාවට ආදරය කරන අතර දරු පරම්පරාව වැඩිහිටියන්ට සලකති. ඔවුනොවුන් ආත්මීය වශයෙන් බැඳී සිටින සමාජයක් අපට තිබිණි. විවිධ සංස්කෘතික ආක්‍රමණ නිසා එකී සාරධර්ම විනාශ විය. අද අපේ බොහෝ දෙනකුට යුරෝපීය සංස්කෘතිය ආකර්ෂණය වී ඇති බව පෙනෙයි. එය යහපත් වෙනසක් නොවේ.

ටික කාලයක සිට වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය වාර්ෂිකව මෙරටදී ද සමරනු ලැබේ. එහි වරදක් නැත. එහෙත් එය පවතින්නේ තරුණ පරම්පරාවේ මෝස්තරයක් හැටියටය. යුරෝපයෙන් ණයට ගත් මේ දිනය තුළ විවිධ ව්‍යාපාර ගොඩනඟනු ලැබේ.

කොවිඩ් වසංගතය බොහෝ දුරට පාලනය කර ඇති බැවින් නිදහස් චර්යාවලට යම් ඉඩක් සලසා දී ඇත. එය අයුතු ලෙස භාවිත කළ හොත් තවත් කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වන්නට පුළුවන. එහි ප්‍රතිඵලය වන්නේ යළිත් රට වසා දමන තැනකට තල්ලු වී යෑමය. ව්‍යාපාර හා කර්මාන්ත වැසී ගිය හොත් ජීවත් වීමේ මාර්ග ඇහිරෙයි. ආදරයෙන් පමණක් ජීවත් වීමේ හැකියාවක් නැත. අප විරුද්ධ ලිංගිකයාට හෙවත් ප්‍රේමයේ කොටස්කරුවාට පමණක් නොව සමස්ත ලෝකයටම ආදරය කරන තැනකට යා යුතුය.

අපි රටට සොබා දහමට හා අපේ සමීපතමයන්ට ගෞරවයෙන් ආදරය කරමු. එවිට ආදරවන්තයන්ගේ දිනය හැමදාටම පවතිනු ඇත.

Sponsored Article
ඇත්ත

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan