කෝන්වෝල් හි ආදිපාදවරිය කැමිලාටත් කොවිඩ්

බ්‍රිතාන්‍යයේ කෝන්වෝල් ආදිපාදවරිය වන කැමිලා මහත්මියට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

ඇගේ ස්වාමියා වන වේල්සයේ කුමරු චාර්ල්ස්ට ඉකුත් බ්‍රහස්පතින්දා දින දෙවන වරටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, එම කාලය තුළ ඇගේ කොවිඩ් තත්ත්වය සෘණ බවට වාර්තා වී තිබිණි.

74 හැවිරිදි කැමිලා ආදිපාදවරිය රජයේ කොවිඩ් මාර්ගෝපදේශ අනුව කටයුතු කරනු ඇති බව ද රාජකීය ක්ලැරන්ස් නිවස විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්.

මෙසේ කැමිලා ආදිපාදවරිය කොවිඩ් ආසාදනයට ලක්ව තිබෙන්නේ පළමු වරට ය. මීට ඉහත අවස්ථාවක දී ද චාර්ල්ස් කුමරු ට වෛරසය ආසාදනය වී තිබිණි.

දෙපළ බ්‍රිතාන්‍යයේ මහ රැජිණ ද හමුවී ඇති බවට වාර්තා වේ. එහෙත් එලිසබෙත් රැජිණ ට වෛරසය ආසාදනය වී ඇති ද යන්න බකිංහැම් මාලිගාව මෙතෙක් දැනුම් දීමක් සිදුකර නොමැත.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණයට පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : • ‘Clean Sri...

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...