මාස 18 කට පසු උදරයෙන් හමුවූ Alexis retractor

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): AWR යනු ශල්‍යකර්මයේදී තුවාලයක දාර පසුපසට ඇද ගැනීමට භාවිතා කරන සිලින්ඩරාකාර උපාංගයක් නවසීලන්තයේ සිසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසූත කර මාස 18 කට පසු කාන්තාවකගේ උදරයේ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇයගේ උදරයෙන් හමුවූ Alexis retractor නොහොත් AWR උපකරණහි විෂ්කම්භය සෙන්ටිමීටර 17ක් වන අතර 2020 දී Auckland City රෝහලේදී ඇගේ දරුවාගේ උපතෙන් පසු මවගේ ශරීරය තුළ මෙම උපකරණය ඉතිරි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මාස ගණනක් නිදන්ගත වේදනාවෙන් පෙළුණු එම කාන්තාව අතර එම උපාංගයේ කිසිදු සලකුණක් නොපෙන්වා ඇති අතර ඇය X-කිරණ ඇතුළුව දෝෂය කුමක්දැයි සොයා බැලීමට පරීක්ෂණ කිහිපයක් සඳහා යොමුවී තිබෙනවා. වේදනාව උග්‍ර වූ පසු ඇය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ගිය අතර උදරයේ CT ස්කෑන් පරීක්ෂණයකින් උපකරණය සොයාගෙන එය වහාම ඉවත් කර ඇත.

නවසීලන්තයේ සෞඛ්‍ය හා ආබාධිත කොමසාරිස් Morag McDowell, සඳුදා නිකුත් කරන ලද වාර්තාවකට අනුව එම කාන්තාව ශල්‍යකර්මයට ලක්වූ රෝහල විසින් රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව සඳහන් කර තිබෙනවා. Auckland දිස්ත්‍රික් සෞඛ්‍ය මණ්ඩලය පෙන්වා දෙන්නේ සිසේරියන් සැත්කමේදී කාන්තාවට උපස්ථාන කරන වයස අවුරුදු 20ක හෙදියක් රෝගියා කෙරෙහි අවධානය දැක්වීමට අපොහොසත් වී ඇති බවයි.

Morag McDowell අනුව ඔහුගේ වාර්තාවේ දක්වා ඇති පරිදි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නඩුවේ ප්‍රමිතියට සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවට සාධාරණයක් ලබා ගැනීමට දිගු කලක් දුක් විඳීමට සිදුව ඇති අතර 2020 ශල්‍යකර්මය අතරතුර, ක්‍රියා පටිපාටිය සඳහා භාවිතා කරන ලද සියලුම ශල්‍ය උපකරණවල ගණන් කිරීමේදී AWR උපාංගය ඇතුළත් නොවූ බව දැනගෙනත් අදාළ අංශයන් ඒ ගැන සැලකිලිමත් වී නොමැති බව කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙනවා.

Morag McDowell විසින් Auckland දිස්ත්‍රික් සෞඛ්‍ය මණ්ඩලයට කාන්තාවගෙන් ලිඛිත සමාවක් ඉල්ලා සිටින ලෙස නියම කර තිබෙනවා මෙම නඩුව ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතුද යන්න තීරණය කරන නිලධාරියෙකු වන නඩු අධ්‍යක්ෂකවරයා වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Te Whatu Ora Health නවසීලන්ත සමූහ මෙහෙයුම් අධ්‍යක්ෂ වෛද්‍ය Mike Shepherd, ඇතිවූ දෝෂය සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා.

මෙවැනි සිදුවීම් අතිශයින් දුර්ලභ බව මහජනතාවට සහතික වන බවත් ඔවුන්ගේ ශල්‍ය හා මාතෘ සත්කාරයේ ගුණාත්මකභාවය පිළිබඳව විශ්වාසය තබන ලෙසත් එම රෝහල නිවේදනය කර තිබෙනවා.

කෙසේවෙතත් 2021 දී උදරයෙන් සොයාගත් මෙම උපකරණය සම්බන්ධයෙන් වන නඩුව තවමත් ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...